කෘෂිකර්මෙන් මසකට කෝටි දෙකහමාරක් ගෙවමින් වසා දමා ඇති සබීතාගේ බිල්ඩිමේ කූඩු පත්තු කරන්න ලක්‍ෂ 28ක් ගෙවයි..

May 14, 2017 at 9:20 am | lanka C news
කෘෂිකර්මෙන් මසකට කෝටි දෙකහමාරක් ගෙවමින් වසා දමා ඇති සබීතාගේ බිල්ඩිමේ කූඩු පත්තු කරන්න ලක්‍ෂ 28ක් ගෙවයි..

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ රජය විසින් මසකට කෝටි 2.45 පමණ කුලියක් ගෙවමින් භාවිතයට නොගෙන සිටින ප‍්‍රවීණ සිනමා නිලි සබීතා පෙරේරාගේ සැමියාට අයත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල මෙම වෙසක් සතියේ විදුලි ආලෝකය සදහා පමණක් රුපියල් විසිඅට ලක්ෂයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වැය කර ඇතැයි රාවය පුවත්පත වාර්තා කරයි.

මෙම සතියේ විදුලි අලෝකකරන කටයුතු පුද්ගලික සමාගමකට බාර දී ඇත්තේ අමාත්‍යාංශයේ මාධ්‍ය අංශ ප්‍රධානියෙකු විසින් බවද දැක්වෙන එම වාර්තාව ජ්‍යෙෂ්ඨ විදුලි කාර්මික ශිල්පියෙකුත් කනිෂ්ඨ විදුලි කාර්මික ශිල්පීන් දෙදෙනෙකු ඇතුළු කාර්යමණ්ඩලයකුත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටියදී වෙසක් සතියේ විදුලි ආලෝකකරණයට මෙතරම් විශාල මුදලක් වැය කිරීමෙන් සේවකයින් පවා පුදුමයට පත්ව ඇතැයිද සදහන් කරයි.

අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකායක් අනුව රුපියල් ලක්ෂ 245ක් එක් මසක කුලිය ගෙවමින් මෙම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාශය වෙනුවෙන් ගෙන ඇත්තේ කිසිදු අමාත්‍යවරයෙකු විරෝධයක් නැතිවමය.

කෙසේ වෙතත් මෙම ගොඩනැගිල්ල අමාත්‍යාංශය පවත්වාගෙන යා හැකි මට්ටමේ නැති බැවින් දැනට විශාල මුදලක් වියදම් කරමින් එම කටයුතුද සිදු කරමින් සිටින්නේ රට පුරා ගොවීනට පොහොර සහනාධාරය, වගා වන්දි ගෙවීම් විවිධ හේතු කියමින් කප්පාදු කිරීමටත්, ගෙවීම් පමා කිරීමටත් කටයුතු කරමින් සිටියදීය.

26 views
Main News