කෘෂිකර්ම ඇමතිගේ නියෝගයෙන් නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම්…
February 19, 2022 at 6:20 pm | lanka C news
නිකවැරටිය ප්‍රදේශයේ වී ගබඩා 02 ක පරණ වී ගබඩා කරමින් ඇතැයි වයඹ ගොවි සංවිධානවල ගොවීන්ගෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලද තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ඇරඹුණා.
ඒ අනුව විගණන නිලධාරීන් සිදුකළ විමර්ශනයේදී හෙළි වුනේ අදාල වී ගබඩා තුළ වී කිලෝග්‍රෑම් ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර ඇති අතර ඉන් වී කිලෝග්‍රෑම් ලක්ෂ 03 කට අධික ප්‍රමාණයක් සත්ත්ව ආහාර සදහා යොදාගැනෙන ඉතාමත් පරණ වී බවයි.
අදාල නිතිවිරෝධී වී මිලදී ගැනීම හා ගබඩා කිරීම සිදුකළ වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමණාකාරවරයා සහ අදාල ගබඩාව භාරව සිටි සහකාර ප්‍රාදේශීය කළමණාකාරවරියගේ සේවය, කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නියෝගයෙන් වහාම තහනමට ලක් කෙරුණා.
නිකවැරටිය ප්‍රදේශයේ ඇති එම වී ගබඩා දෙකම එදිනම විගණන නිලධාරීන් විසින් මුද්‍රා තබා ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද භාර දී තිබෙනවා.
අදාල සිදුවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ද පරීක්ෂණයක් සිදුකෙරෙනවා.
චානුක පෙරේරා
මාධ්‍ය ලේකම්
මේ හොරා කාපූ රජයෙ සේවකයන් ගේ පුද්ගලික තොරතුරු හා චයාරුප තිබේ නම් තියන කෙනෙක් සමාජ ගත කරන්න , අඩුම තරමින් සසමාජයෙ න් කොන්වෙලා පවුලෙන් හරී අයින් කරයි.
මේ හොරුන්ට රජයෙ න් හෝ නීතියෙන් දඩුවම් නෙත්නම් අපි ඔක්කොම එකතු වෙලා නවත්වමු
ADHIRAAJYA WAADEEN APATA DUNNA WIKURTHI PRAJAATANTHRA WAADAYA ,POOSANAYA
KARA RATA WINAASA KARANNATA TAMAI ,NILADHAARI WAADAYA, ATHIKALE.
ADA RAAJYA SEWAYE %50, ANTHA DUUSITHAYO.
MUN KISIMA AANDUWAKATA RATA HADANTA IDA DENNE NAHA.
MEMA TATHWAYA WENAS KARANA TURU RATA HADEEMA SIHINAYAK,