කෘෂිකර්ම ලේකම් ඉල්ලා අස්වුනා.. කාබනික පොහොර ගැන දන්න කෙනෙක් ලේකම් ලෙස පත් කරනවා..

June 6, 2021 at 12:40 pm | lanka C news
කෘෂිකර්ම ලේකම් ඉල්ලා අස්වුනා.. කාබනික පොහොර ගැන දන්න කෙනෙක් ලේකම් ලෙස පත් කරනවා..

කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයාව  පත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

නාවලපිටිය ප්‍රදේශයේ (06) දින පැවති මාධ්‍යය හමුවකදි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍යංශයේ හිටපු ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඔහුගේ පුද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉල්ලා අස්විමේ ලිපිය තමන්ට භාරදුන් බවයි.

හිටපු ලේකම්වරයා අස්විමට වෙනත් කිසිදු හේතුවක් නොමැති බවත්,තම අමාත්‍යංශයට අවශ්‍යය කාබනික විෂය පිලිබදව මනා දැනුමක් ඇති අය නිසා තම අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයා පත් කිරිමට තිරණය කල බවයි.

රටේ කිසිදු රසායනික පොහොර හිගයක් නොමැති බවත්,පොහොර ආනයනය කිරිම ගැසට් නිවේදනයක් මගින් නතර කිරිම සමග ඇති වු රසායනික පොහොර හිගය විසදුමක් වශයෙන් එම රසායනික පොහොර තොග පෞද්ගලික අංශයෙන් ලබාගෙන එම පොහොර තොග මේ වන විට ගොවින් අතට පත් කිරිමට පියවර ගෙන ඇති බවයි.

රසායනික පොහොර භාවිතය මෙරටින් තුරන් කර කාබනික පොහොර භාවිතයට මේ රටේ ගොවින් යොමු කරන බවයි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මාධ්‍යය හමුවේ කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

44,307 views

25 Comments to “කෘෂිකර්ම ලේකම් ඉල්ලා අස්වුනා.. කාබනික පොහොර ගැන දන්න කෙනෙක් ලේකම් ලෙස පත් කරනවා..”

  1. ammo says:

    මොන පිස්සෙක්ද, කොහෙද බන් විශ්ව විද්‍යාලවල පිඨ වලට උප කුලපතිවරු ඉන්නේ.

  2. Rocket says:

    වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයාව??? කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයාව??? piitadhipaphi nenmedha?

  3. Darshana abayakoon says:

    ඔබ තුමා ඔය කියන්නෙ අර කිසිම ජීවියෙක් නැති කාබනික පොහොර නේද ඇමතිතුමො. ඔබ තුමාය් ඔබ තුමාගේ මහ එකයි ඇරෙන්න එච්චර දැනුමක් තියෙන උගත්තු නම් මේ මහ පොලවෙ නැතු ඇති.

  4. LalithM says:

    හොඳයි. හිඟයක් නැතිනම් මට පොල් පොහොර මිටි 10ක් (කිලෝ 500) ගන්න ගම්පහ මැතිවරණ කොට්ඨාශයේ තැනක් කියන්න. මිනිස්සු වී විතරක් නෙවෙයි වගා කරන්නේ.

  5. ජිමි බේබි says:

    අයියෝ කබරකටෝ! නොදන්න පීඨ ගැන කථා කරන්න ගිහින් නාන්නේ නැතිව ඉන්න අර මාල හොරා වගේ.

  6. ජිම් පුතානෝ says:

    පත් කිරිම් ,ගැසට් ,දිවුරුම් දීම් ,කොමිෂන් සභා ,ඉල්ලා අස් විම් ,ඉතුරු අවුරුදු 3ත් ඔහොම දිගටම යං .

  7. Ayotallah says:

    Whoever accepts the post is required to produce minimum of 300000 tons of organic manure for next maha season. We will see how to fill the gap?

  8. සුදුස්සාට නියම තැන ලැබුනා.

  9. විස්ව සක්ති රාවණාගේ අධෝවාත ජුන්ඩා says:

    අමාත්‍යාංශ ලේකම් කලින්ම දෙනගත්ත මේක කොහොමත් අජ වෙලා ප්පෙල් උනහම මිනිහට තමයි බෙල්ල තියන්න වෙන්නේ කියලා. ඔය මැති ඇමතිලා ජනාධිපති ල තව අවු 2 යි. ඊට පස්සේ සි අයි ඩී එකේ තපින්න වෙන්නේ මෙතුමාට තමා. එහෙම බැලුවම මේ තීරණය හරි.

  10. Gayan says:

    වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයාව??? කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයාව???

Main News