කෘෂි ඇමතිගේ පැතුම ඉටුවෙයි.. වී ගොවිතැන 17.9%කින් ඇද වැටේ.. ජන හා සංඛ්‍යාලේඛන වාර්තා කියයි..
September 19, 2016 at 5:30 pm | lanka C news
පසුගිය 2015 වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව මෙරට වී වගාව 17.9%කින්, රබර් වගාව 12.2%කින්, තේ වගාව 8.2%කින්, ධීවර කර්මාන්තය 7.8%කින් පහල වැටී තිබේ.
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම වාර්තවේ මේ බව දැක්වෙයි.
ගිය වසරේ මෙම කාර්තුවට සාපේක්ෂව කෘෂිකර්මාන්තය 5.6% කඩා වැටී ඇතැයිද එහි දැක්වෙයි.
දැනට මාස කිහිපයකට පෙර කෘෂිකර්ම ඇමතිවරයා කියා සිටියේ මෙරට වී නිෂ්පාදනය වැඩි නිසා කුඹුරැු ඉඩම්වල වෙනත් බෝග වගාවන්ට යොමු විය යුතු බවයි.
මුදල් ඇමතිවරයා එක් අවස්ථාවක පැවසුවේ මෙරට වී ගොවිතැනින් නිපදනවවාට වඩා අඩු මිලට ඉන්දියාවෙන් සහල් ආනයනය කල හැති බවයි.