කෘෂි රසායන ආනයනට හෙට අවසර..?

October 31, 2021 at 12:00 pm | lanka C news
කෘෂි රසායන ආනයනට හෙට අවසර..?

‘ලංකාවේ ලියාපදිංචි කෘෂි රසායන වර්ග 150 ක් පමණ තිබෙනවා. ඒවාගෙන් 80 ක් (55% ක්) ම වල් නාශක. හෙට කැබ්නට් රැස්වීමේ දී එකම වල් නාශකයක් හෝ නැතිව කෘමි නාශක, දිලීර නාශක කිහිපයක් ගෙන්වන්න ආණ්ඩුව අනුමැතිය ගන්නට හදනවා. මේක ගොවියාගේ ඇස් බැඳවා කුඹුරුට හේනට දක්කන්න හදන ප්‍රෝඩාවක්. වල් නාශක නැතිව වී, ඉඩඉරිඟු, තේ වගාව කරන්න බැරි බව කෘෂි විශේෂඥයින් කියනවා. මහා පරිමාන වගාකරුවෝ සියළු දෙනා දැන් නන්නත්තාර වෙලා. නැගෙනහිර, රජරට, මහියංගනය අතුළු මහවැලි කලාපයේ ගොවියන්ට වල් නාශක, කෘමි නාශක ලැබුනේ නැත්තම් ඔවුන් සදා අනාථ වෙනවා’ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි.

ආණ්ඩුව කියන පට්ටපල් බොරු අහලා ගොවියෝ ටික දෙනෙක් වී වගාව කරලා තියෙනවා. හැබැයි දැන් ගොවියාට වල්ටික ගලවා ගන්න බෑ. කෘෂි රාසායන මිල දැන් හතර ගුණයකට වඩා ඉහළ ගිහින්. කළු කඩේ තියෙන්නේ ප්‍රමිතියක් නැති හොර බෙහෙත්. ආණ්ඩුව දැන් මාසයක් තිස්සේ ගොවියාට බෙහෙත් ටික දෙනවා කියනවා. තවම කිසිම ආනයන අවසරයක් දීලා නෑ.

සඳුදා කැබිනට්ටුවේ දී ඇස්වහලා කෘෂි රසායන කිහිපයකට අනුමැතිය ගන්න හදනවා. නමුත්, ඒ්වායෙන් විතරක් වගාව කරන්න බෑ. මේ ලැයිස්තුවේ සියළුම වල් නාශක ඉවත් කරන්නට කාෂිකර්ම ලේකම් අද උපදෙස් දීලා තියෙනවා.

මේ මහාචාර්ය ලේකම් දන්නේ නැද්ද වී වගාවේ වල්ටික දවස් 45 ක් මර්ධනය කළේ නැත්තම් වී කරල බොල් වෙනවා කියලා. වල් තියෙන කුඹුරකට ‘නැනෝ නයි රාජයා’ ගැහුවම ගොයමට වඩා වේගයෙන් වල් ටික හැදෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේක බොරු ඇස්බැන්දුමක්. ගොවියා මඩට දාලා, හේනට දාලා තවදුරටත් විනාශ කරන්න හදනවා. කන කර උගස් තියලා වගාවට යන ගොවියා මෙහෙම විනාශ කරන උන් මේ වැහිදවස්වල එලියට බහින්න එපා.

– media unit

44,349 views

5 Comments to “කෘෂි රසායන ආනයනට හෙට අවසර..?”

  1. Gamarala says:

    මහදැන මුත්තා විසින් ඔලුවෙ මුට්ටියක් හිර කරගත් එළුවෙකු බේරා ගත් කතාවක් අප අසා ඇත. මුට්ටියත් එළුවාත් දෙකම බේරා ගැනීමට කල්පනා කළ ගමරාලගේ සහායට මහදැනමුත්තා ආවේය. මහදැනමුත්තා ගමරාළ ගේ නිවසට ආවේ ඇතා පිටිනි. ඇතාට ගේට්ටුවෙන් ඇතුලට ඒමට නොහැකි වූ කල තාප්පය කඩා දැමුවේය. අනතුරුව එළුවා සහ මුට්ටිය යන දෙකම බේරා ගැනීමේ මිෂන් එකේ පළමු පියවර ලෙස එළුවාගේ බෙල්ල කැපීමට මහදැනමුත්තා නියෝග කළේය. මුට්ටියේ සිරවුණු ඔලුව එලියට ගන්නේ කෙසේදැයි විමසූ විට මුට්ටිය බිඳීමට නියෝග කළේය. මහදැනමුත්තාගේ මොළයට පින්සිදුවන්නට ගමරාළට තාප්පයත්, එළුවාත්, මුට්ටියක් යන තුනම අහිමි විය. ගෝඨාභය රට පාලනය කරන්නේ මහදැනමුත්තාගේ ශෛලියෙනි.

  2. Ayotallah says:

    The biggest issue in lowland rice culture is effective weed control and if not the panicle will be futile and not fill and this statement of the MP is correct. The Secretary is appointed by the Minister stating we have selected a BIG organic personnel from University . He is a Professor in Agricultural Economics and may what the MP said is true

  3. Love nature says:

    2009 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන්වන කාලයේ උතුරු මැද පළාතේ මරණ බහුතරයක් සිදු වන්නේ යුද්ධයෙන් නොව වකුගඩු රෝගයෙන් බව වාර්තා විය. 2012 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් කළ පර්‌යේෂණයකින් හෙළි වූයේ උතුරු මැද පළාතේ හාරලක්ෂයකට වැඩි පිරිසක් වකුගඩු රෝගයෙන් පෙළෙන බවයි. අද වන විට මෙම රෝගය රජරටට පමණක් සීමා වූවක් නොවේ. අනෙක් පළාත්වලත් 2-3% ක අනුපාතයකින් ව්‍යාප්ත වෙමින් පවතී. එහෙත් උතුරු මැද සහ ඌව පළාත්වල 15% – 23% ක අනුපාතයකින් මෙම රෝගය ව්‍යාප්තවන බව නොයෙකුත් පර්‌යේෂණ තුළින් අනාවරණය වී ඇත.

    2011 වර්ෂයේදී රජරට විශ්වවිද්‍යාලයේ පර්‌යේෂණ කණ්ඩායමක් විසින් කළ අධ්‍යයනයකින් හෙළි වූයේ වකුගඩු රෝගය බහුල ප්‍රදේශවල ජල සම්පත් අතිශයින් දූෂණය වී ඇති බවත්, එය අධික ලෙස හා අඛණ්ඩව යොදන කෘෂි රසායන ජලයට එකතු වීම නිසා සිදුවන බවත්ය. එම පර්‌යේෂණයේ ප්‍රතිඵලවලට අනුව උතුරු මැද පළාතේ ජල සම්පත්වල ආසනික් සහ රසදිය ඉතා ඉහළ ප්‍රමාණයක් ඇති බව වාර්තා වුණි. එම වසරේදීම කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පර්‌යේෂණ කණ්ඩායමක් විසින් කළ අධ්‍යයනයකින්ද මෙයට සමාන ප්‍රතිඵල සහ නිගමන වාර්තා වුණි.

    • Goviya says:

      The answer is not to stop chemical fertiliser and agro chemicals. But to educate the Farmers to use them more carefully and correctly. And be more careful about their own health.

  4. dests says:

    rajapaksa la pinsidda wenna china 🇨🇳 Gu wala rasa balanna lebenawa saubaggaya gu anagathayak

Main News