තෙඹුවන කැළඹු සැරයන්ට ජනපතිගෙන් ලක්‍ෂ 10ක පරිත්‍යගයක්.. නැවතත් සේවයේ පිහිටුවයි…

October 17, 2018 at 11:20 am | lanka C news
තෙඹුවන කැළඹු සැරයන්ට ජනපතිගෙන් ලක්‍ෂ 10ක පරිත්‍යගයක්.. නැවතත් සේවයේ පිහිටුවයි…

තෙඹුවන පොලීසියේ සේවය කරමින් සිටියදී විනය විරෝධි හැසිරීම මත සේවය අත්හිටුවනු ලැබ තිබූ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා නැවත වරක් සේවයේ පිහිටුවා ඇත.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ පොලිස්පති පූජිත ජයසුන්දර විසින් මෙම සේවයේ පිහිටුවීම කර ඇති බවයි.

වැඩ තහනමකට ලක් වූ සැරයන්වරයා ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අතර එහිදී ජනාදිපතිවරයා විසිල් ලක්‍ෂ 10ක මුදල් පරිත්‍යාගයක් සිදු කරන ලද්දේ සැරයන්වරයා මුහුණ දී ඇති ආර්ථීක දුෂ්කරතාවයන් හා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙනි.

නීති විරෝධී ලෙස වැලි ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සැරයන්වරයා විසින් අත්අඩංගුවට ගත් පසු පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එය මුදා හැරීමට විරෝධය පල කරමින් මොහු නගරය මැද රාජකාරී ගිනි අවියද අතැතිව විරෝධයේ යෙදුනේය.

ඒ හේතුව මත ඔහුසේ සේවය අත්හිටුවා පරීක්‍ෂණයක්ද ආරම්භ කර ඇත.

61 views

12 Comments to “තෙඹුවන කැළඹු සැරයන්ට ජනපතිගෙන් ලක්‍ෂ 10ක පරිත්‍යගයක්.. නැවතත් සේවයේ පිහිටුවයි…”

  1. chinthaka says:

    Well done.

  2. ගන්ජ බන්ඩි says:

    ලක්ෂ දහයක් ඔින නම් දැන් ඔන්න සාජන් ලට තිය‌ෙන්න‌ෙ වැලි රාජු ක‌ෙන‌ෙක් අල්ලලා යකා නටන එකය්.

    • sky says:

      ජනපතිගේ ක්‍රියාව අපි අගය කරමු
      මේ ගැනත් සැලකිලි මත වන්න
      සිරිසේන පරම්පරාවේ වැලි හොරු අත්අඩංගුවට නොගැනීමට වග බලාගත යුතුයි ….පොළොන්නරුවේ වැලි හොරුන්ට විරුද්ධ කටයුතු කරන , අනිත් ව්‍යාපාරික වැලි හොරු පමණක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කිර්යාකිරිම වැදගත් ….එවිට ලක්ෂ 10 අතේ ..හික්..හික්…

    • maraya says:

      ජනපතිගේ ක්‍රියාව අපි අගය කරමු
      මේ ගැනත් සැලකිලි මත වන්න
      සිරිසේන පරම්පරාවේ වැලි හොරු අත්අඩංගුවට නොගැනීමට වග බලාගත යුතුයි ….පොළොන්නරුවේ වැලි හොරුන්ට විරුද්ධ කටයුතු කරන , අනිත් ව්‍යාපාරික වැලි හොරු පමණක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කිර්යාකිරිම වැදගත් ….එවිට ලක්ෂ 10 අතේ ..හික්..හික්…

  3. chitral says:

    By giving 1 million people are encouraged to do wrong things. Very poor work by president. No one can take the law in to their own hands. Now he has been reinstated he does not need any financial assistance. Complete waste of public money.

  4. chandimani says:

    කවුද වැරදිකරු? ස්ථානාධිපතිවරයා වරදක් කරලා තියනවානම්, ඔහුට විරුද්ධව විනයානුකූල පියවර ගතයුතුයි. එවිට සද්භාවී පොලිස් නිලධාරීන් නීතියට අනුව ක්‍රියාකිරීමට නිතැතින්ම පෙළඹේවි.

  5. Ariyathilaka says:

    අවනීතික බව පිටු දැකීමට නම් නීතිගරුක නිර්භීත පුරවැසියන් ඇගයීම සුදුසු ය.අවනීතිකබව ගර්හාවට ලක් කළ යුතුය.

  6. chandapala says:

    සාජන්ට් නිවැරදිනම් OIC වැරදිකරු විය යුතුයි නේද ???????

    • Mahasona says:

      OIC වැරදිකරු විය යුතුයි එක වෙන්නේ කොහොමද ?මේ ආණ්ඩුව ,යහපාලනය ආණ්ඩුවට උදව් කරන අපරාද කාරයෝ නිදහසේ …(.ex ..උතුරේ ජාතිවාදී ඊළම් දේශපාලකයන් ,යාපනේවිශ්වවිද්‍යාලයේ LTTE ත්‍රස්තවාදීන් උදව් කරන සිසුන් . විජයකලා , බදියුදීන් අන්තවාදී හම්බ ඇමතිලා . මහා බැංකු මගඩියේ ලොකු හොරා දැනට මේ ඇති නේද ? )

  7. LASANTHA DE SILVA says:

    Whose money did you give?

  8. neil says:

    Excellent Mr President
    Good on youPujitha ( First time I saw a positive action)

    Now we want to know this sergeant was correct and why the lorry was release after a couple of days and what is the current status of the case

  9. david milibanda says:

    Bambu Poojitha………………

    Jayawewa Sarayan ta…… A good Police sergant.
    A good example of a good and a patriotic policeman.
    Transfer and demote that Thebuwana OIC and all Gazetted officers overlooking Thebuwana.

Main News