කෙරවලපිටියෙන් කොටසක් දෙන්නේ ඇමරිකාවට නොවේ.. ඇමරිකා සමාගමකටයි.. ඒ ඩොලර් නැති නිසයි..- විමල්

July 18, 2021 at 12:02 am | lanka C news
කෙරවලපිටියෙන් කොටසක් දෙන්නේ ඇමරිකාවට නොවේ.. ඇමරිකා සමාගමකටයි.. ඒ ඩොලර් නැති නිසයි..- විමල්

කෙරවලපිටිය විදුලි බලාගාරය කොටස් ප්‍රමාණයක් ලබාදෙන්නේ ඇමරිකාවට නොව ඇමෙරිකානු සමාගමකට බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඒද මුදල් අමාත්‍යාංශය සතු කොටස් පමණක් බවත් විදුලිබල මණ්ඩලය සතු කොටස් නොවන බවත් ඔහු පැවසීය.

රට මේ මොහොතේ මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස මේ පියවර ගෙන තිබෙන බව ජනාධිපතිවරයා විසින් පැවසූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ කහටගහ මිනිරන් පතල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

‘ඇමරිකාවට දීමක් නෙවෙයි ඇමරිකානු සමාගමකට දීමක් තමයි ඇත්තටම දීළා තියෙන්නේ. ඇත්තටම මුදල් අමාත්‍යශය සතු කොටස් විතරයි දීල තියෙන නේ. නැතුව විදුලිබල මණ්ඩලය සතු කොටස් නෙවෙයි දීල තියෙන්නේ . රට මුහුණදීලා තියෙන විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස මේ පියවර ගෙන තිබෙන බව තමයි මේක සාධාරණීකරණය කරන්න ජනාධිපතිතුමා කියල තියෙන්නේ ‘

45,883 views

32 Comments to “කෙරවලපිටියෙන් කොටසක් දෙන්නේ ඇමරිකාවට නොවේ.. ඇමරිකා සමාගමකටයි.. ඒ ඩොලර් නැති නිසයි..- විමල්”

  1. harsha says:

    හම්බන්තොට වරාය දුන්නේ චීනෙට නෙවෙයි චීන සමාගමකට.
    ටෙලිකොම් එක දුන්නේ ජපානයට නෙවෙයි ජපන් සමාගමකට.
    ඔරුවල වානේ දුන්නේ කොරයාවට නෙවෙයි කොරියන් සමාගමකට.
    නියම තර්කය.

  2. Darshana abayakoon says:

    ඉතාම හොද පැහැදිලි කිරීමක් විමල් ඇමතිතුමනි. ඇමෙරිකාවට නෙවෙයි චීනෙට වික්කත්, ව්කුනන්නෙ ඔබ තුමා ඇතුලු රාජපක්ශ වරුන් නම් රටට හානියක් නෑ කියල ජනතාව දන්නව. මොකද ඔබ තුමාල රටට ආදරේ සැබෑ දේශප්‍රෙමීන්. ඔබ තුමාල එදා පොට්සිටි ශැන්ග්‍රිලා චීනෙට විකුනද්දි අපි පාර්ට බැස්සෙ නැත්තෙත්, අද බටහිර ජැටිය අදානි සමාගමට හා කෙරවලපිටිය ඇමෙරිකාවට දෙද්දිත් අපි පාරට බහින් නැත්තේ ඒ නිසා. ඔබ තුමාල කරන ඔනේම විකිනීමකට කොන්දෙසි නැතිව සහය දෙන්න 69 ලක්ශයක් ජනතාව සූදානම්.

  3. මිනිස්සු says:

    කොළඹ ඉඩම් දෙන්නෙ චීනෙට නෙවෙයි චීන සමාගම් වලට 🤣🤣✌️, අපිට පිස්සුනෙ ඇමතිතුමා .

  4. Hirugal Bandara says:

    රාවන පුත්‍ර විමලානන් උුව වේල්ලසසේ සටනේදි කැප්පේටි පොල නිලම වේනුවට නායකත්වය දුන්නාන් අපි සුද්දා රටාන් පන්නනය.
    චිරං ජයතු මැදිදුනි…

  5. ගිජුලිහිණි සංදේශය says:

    වට වී ලොකු වටමේසෙක හරි විහිළු
    අට වම්බොටු නව හුන්ගන් දුන්නාළු
    කට කිව්වට මූ නෑ එය දන්නේළු
    රට පස්සට යන මර උගුලකි යාළු

  6. මානික්කාරච්චි says:

    20 න් පත් නොවී හොරාට ඇමතිකම් දරන නිසා විමලෙත් ඇදගෙන නානව. හිරෙත් ගිහිල්ල ප්‍රජා අයිතියත් නැති වෙයිද මන්ද?

  7. ප්‍රසාද් says:

    කොකා කෝල බොන්නත් එපා කිව්වෙ මෙයාම ද..

  8. Gamini says:

    When it is sold to an American Company it is a sale to America. This idiotic minister can not understand that truth. A misfit to be a minister. They talk anything to get some advantage and fool the people.!!!!!

  9. අනාගත නායකයන් කවුරැන්ද යන්න පිළිබඳව දීන්දු තීරණ ගැනීමට නියමිතයි.! says:

    අවදී වු හෙළයන් විසින් අනාගත නායකයන් කවුරැන්ද යන්න පිළිබඳව දීන්දු තීරණ ගැනීමට නියමිතයි.!
    දේශීය දැනුමෙන් සන්නදධ දේශීයත්වය අගයන ”කළු වහහළෙකු” නොවන ” හෙළබස හැසිරවීමේ දකෂයෙක් ”හෙළයෙක්” මීළඟ ඡනාධිපති ලෙස දීව්රැම්දීමට නියමිතයි.! ”සිංග්ලිෂ් නායකයන්ගේ ”හෙලබසේ බාගයට” සහ ”ඉංගිරිස් බාගයේ කලවම් ධර්ශණයට පෙනෙන්නාවූ දුර නහය අගින් අවසන්”වී තිබීම හේතුවෙන් තවදුරටත් කල හැක්කක් නොමැති අතරම., ” රනිල් සහ බැසිල් ” පාළණයක් තුලින් රට තවදුරටත් බටහිර කොළණියක් බවට ස්ථිර වන අතර.. දශක අටකට ආසන්න කාළයක් තුළ මුග්ධ බලකෑදර වහල් නරි පාළකයන් අතින් රට ඡාතිය වැනසි ඉතිහාසය වියැකි දේශීය දැනුම් පද්ධතියන් විණාශවූ අතර,. ඉතිහාසයක් නොදත් දේශීය දැනුමක්නොමැති ”බටහිර රටවල්තුළ වහළ්කම් කර ලබා ගන්නා ලද අත්දැකීම සහ දැනුමෙන් පමණක්” ”වීශ්වයේ සහ ඡීවයේ කේනද්‍රස්ථානයවූ ශ්‍රීලංකාවේ” නායකයකු විමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර,.. අධ්‍යාතමික නොවන නායකයන්ට අතිතය වර්තමානය අනාගතය යන ත්‍රීත්වයේ පෙර අපර සන්ධීන් ගළපා ගැනීමට නොහැකිව රට ඡාතිය සහ හෙළයන්ගේ වටිනා දැනුම්පද්ධතියන් විණාශ කර දමන ලද අතරම,. මින් මතුවට ඉදිරියටත්,. අවදී වු හෙළයන් විසින් අනාගත නායකයන් කවුරැන්ද යන්න පිළිබඳව දීන්දු තීරණ ගැනීමට නියමිතයි.! ෴සුවිශේෂී නායකයන්ගේ කල්යල් බළා පැමිණීම ඉදිරියේදී සිදුවන අතර,. නිසැකවම හෙළයන්ගේ දස්කම් විස්කම් ලොකයට සහ ලොකයන්ට දැකගැනීමට අවස්ථාවඋදා වනු ඇත ෴

  10. න්‍යශ්ඨිකබලාගාරයක් වහාම රැසියානු සහයෝගයන් ඉදිකිරීමට කටයුතු කරනු! says:

    න්‍යශ්ඨිකබලාගාරයක් වහාම රැසියානු සහයෝගයන් ඉදිකිරීමට කටයුතු කරනු!
    වියදම ගැන නොසිතා වහාම න්‍යශ්ඨික බලාගාරයක් ඉදිකිරීමට රැසියාව සමග ගිවිසුම්ගත වියයුතුයි.! ඉන්දියාවටද බලශක්තිය සපයා විදේශ මුදල් ඉපයිය හැකි මෙම ක්‍රමවේදය වහාම ක්‍රාවට නංවනු.! කල්නොමරා මාෆියාවන්ට යට නොවී උසස්තතවයේ න්‍යශ්ඨිකබලාගාරයක් වහාම රැසියානු සහයෝගයන් ඉදිකිරීමට කටයුතු කරනු!

Main News