කෙරවලපිටිය ගිවිසුම ලොව ඕනෑම රටක් ඉතාම ආදරයෙන් වැලදගන්නා එකක්…

September 25, 2021 at 10:40 am | lanka C news
කෙරවලපිටිය ගිවිසුම ලොව ඕනෑම රටක් ඉතාම ආදරයෙන් වැලදගන්නා එකක්…

කෙරවලපිටිය යුගදනවි බලාගාරය කිසිම විකිණීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

එම බලාගාරය වසර 15 ක කාලයක් සඳහා බදු දීම පමණක් යෝජනා වී ඇති බවද ඔහු පවසයි.

අදාළ ගිවිසුම්ගතවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී ආණ්ඩුවේ කිසිදු පාර්ශ්වකාර පක්ෂයක් විරෝධතාවයක් පළ නොකළ බවත් කරුණු ඉදිරිපත් කිරීමක් පමණක් වූ බවත් ඔහු කියා සිටියේය.

මෙම ගිවිසුම රටට හිතවත් හිතවත් සුබදායක දෙයක් බව කරුණු පැහැදිලි කිරීමේ දී ඒ සියලු දෙනා තේරුම් ගත් බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ ආකාරයේ ආයෝජනයක් මේ ලෝකයේ ඕනෑම රටක් ඉතාම ආදරෙන් වැළඳ ගන්නා ආයෝජනයක් බව තම අදහස බවද මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේය.

19,523 views

24 Comments to “කෙරවලපිටිය ගිවිසුම ලොව ඕනෑම රටක් ඉතාම ආදරයෙන් වැලදගන්නා එකක්…”

  1. Ravi Wije says:

    මේකේ කොමෙන්ට් දන බත් බෙලයින්ට පුළුවන් ඕනෙම දෙයකට විරුද්ධ වෙන්න. අර නැගෙනහිර ජැටිය කටින් හදල දැන් නැව්ත් යනවා නියමෙට. ඕකටත් ඔය අනිසන්සේම තමයි වෙන්න තිබ්බේ. ලෙමන් පෆ් එකක් එහෙම කාල නේද……

Main News