කෙසෙල්ගමුඔයට කසල තේ මිශ්‍ර කරයි..

June 27, 2021 at 2:27 am | lanka C news
කෙසෙල්ගමුඔයට කසල තේ  මිශ්‍ර කරයි..

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් බගවන්තලාව ප්‍රදේශයේ සිට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයට කසල තේ එක් කිරිම සම්බන්ධයෙන් නොර්වුඩ් සහ බගවන්තලාව යන පොලිස් ස්ථානවල පරිසර ඒකක විසින් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

කාසල්රි ජලාශයේ සිට බගවන්තලාව දක්වා කෙසෙල්ගමුඔය කිලෝමිටර් 20 ක් පමණ දුරට ගලා බසින අතර,එම ඔය දෙපස පිහිටි තේ කර්මාන්ත ශාලාවකින් ඉවතලන කසල තේ ජලයට මිශ්‍ර කර තේ කර්මාන්ත ශාලාවේ සිට කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා කුඩා ඇල මාර්ගයක් ඔස්සේ  බැහැර කිරිම නිසා කෙසෙල්ගමුඔය තද කළු පැහැයෙන් ගලා බැසිම නිසා ඔය දෙපස ඔයේ ජලය පරිහරණය කරන අය දැඩි අපහසුතාවයට පත් වි සිටි අතර,ඔයේ ජලය කළු පැහැයෙන් ගලා බැසිම නිසා කෙසෙල්ගමුඔයේ ජෛව විවිධත්වයට සහ කෙසෙල්ගමුඔයේ ජිවත් වන මත්ස්‍ය සම්පතය දැඩි බලපැමක් එල්ල වි තිබුණි.

තේ කර්මාන්ත ශාලාවල ඉවතලන කසල තේ ඇතුළු අපද්‍රව්‍යය බැහැර කිරිමට නිසි පරිසර ක්‍රමවේදයක් අනුගමනය නොකර සෘජුවම එම අප ද්‍රව්‍යය කෙසෙල්ගමුඔයට මුදා හරින බවයි එම ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

තේ කර්මාන්ත ශාලාවල ඉවතලන අපද්‍රව්‍යය බැහැර කිරිමට නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මගින්ද කෙසෙල්ගමුඔය දෙපස පිහිටි තේ වතු වල වතු අධිකාරිවරුන්ට උපදෙස් ලබා දි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

9,410 views

4 Comments to “කෙසෙල්ගමුඔයට කසල තේ මිශ්‍ර කරයි..”

  1. Samantha Fonseka says:

    Mokkadda Porawalatta ganna puluwan nee

  2. Ms.commonsense says:

    Perl express ekata wandi illanawa wage mungenuth me karana vinaseta dada gahanna one. 😑

  3. 'වතු ත්‍රස්තයන්..! says:

    ”වතු ත්‍රස්තයන්” පරිසරයට දැඩි තර්ඡන ඵළ්ලකරමින් ශ්‍රීලංකා විරෝධීව, දරැනු ප්‍රහාර සවභාදහමට ඵල්ලකරමින්, වසවිසෙන් මාත්‍රෘභුමිය නහවමින්, කම්කරැවන් සූරාකමින් මුග්ධයන්සේ වංචාවෙන්ම රට ඡාතිය මරැතුරැළට තල්ලුකරමින් සිටී.!

  4. හේනේ මාමා says:

    යකෝ ඔය කසල තේ වලින් කොම්පෝස්ට් හදලා දාපියව්. දලු වල බරත් වැඩිවෙනවා. අපරාදෙ.

Main News