කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසුවී පුද්ගලයෙක් ගසාගෙන යයි..

October 2, 2019 at 2:05 am | lanka C news
කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසුවී පුද්ගලයෙක් ගසාගෙන යයි..

කෙසෙල්ගමුඔයේ සැඩපහරට හසු වි දෙදරු පියෙකු අතුරුදහන් වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

මෙසේ අතුරුදහන් වි ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් කිලානි වත්තේ පදිංචිව සිටි පෙරුමාල් මනොහරන් නැමති දෙදරු පියෙකි.

බගවන්තලාව නගරයේ සිට කෙසෙල්ගමුඔය හරහා කිලානි වත්තට පිවිසෙන මාර්ගයේ තවත් පිරිසක් සමග අතුරුදහන් වි ඇති අය ගමන් කරමින් සිටියදි කෙසෙල්ගමුඔයේ ජල මට්ටම වැඩි පිටාර ගැලිමත් සමග එම මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසෙන් එක් අයෙක් සැඩ පහරට හසු වි ගසාගෙන ගොස් තිබේ.

සැඩ පහරට හසු වු දෙදරු පියා බේරා ගැනිමට ඔහු සමග ගමන් ගත් කිහි දෙනෙකු උත්සහ කර ඇතත් එය ව්‍යාප්ත වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසුවේය.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය ආරම්භ වන මහඑලිය රක්ෂිතයට ඊයේ පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඊයේ රාත්‍රිය වන විට එක් වරම කෙසෙල්ගමුඔයේ ජල මට්ටම වැඩි වි පිටාර ගලා කෙසෙල්ගමුඔය අවට  පහත් බිම් රැසක් ජලයෙන් යට වු බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේය.

අතුරුදහන් වු දෙදරු පියාගේ සිරුර සොයා බගවන්තලාව පොලිසිය සහ ප්‍රදේශවාසින් එක් ව ඊයේ රාත්‍රියේ සිට කෙසෙල්ගමුඔය දිගේ මෙහෙයුමක් දියත් කර ඇති අතර අතුරුදහන් වු අයගේ සිරුර සොයා ගැනිම සදහා නාවික හමුදාවේ සහයෝගය ද ඉල්ලු බව බගවන්තලාව පොලිසියේ ස්ථානධිපතිවරයා වැඩි දුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

30 views
Main News