කෙසෙල්වත්තේ දිනුකගේ මෘතදේහය ඩුබායි සිට ගේන්න සූදානම්.. පිටකොටුව සුදු කොඩිවලින් සරසයි..

March 16, 2021 at 3:00 pm | lanka C news
කෙසෙල්වත්තේ දිනුකගේ මෘතදේහය ඩුබායි සිට ගේන්න සූදානම්.. පිටකොටුව සුදු කොඩිවලින් සරසයි..

ඩුබායි රාජ්‍යයේ දී හදිසි හෘදයාබාධයක් වැළඳී මිය ගිය බව කියන පාතාල කල්ලි නායක කෙසෙල්වත්තේ දිනුකගේ මළ සිරුර ශ‍්‍රී ලංකාවට ගෙන්වා අවසන් ගෞරව දැක්වීමට ඔහුගේ පවුලේ ඥාතීන් කටයුතු කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එහෙත් දිනුකට එරෙහිව ශ‍්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් කර තිබූ නිසා ඔහුගේ සිරුර මෙරටට ගෙන්වීමේදී ගැටලූ මතු විය හැකි බවට වාර්තා වෙයි.

මේ අතර කෙසෙල් වත්තේ දිනුකගේ මළ සිරුර මෙරටට ගෙන ඒමට නොහැකි වුවහොත් එය ඩුබායි රාජ්‍යයේ වියදමෙන් අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

කෙසෙල් වත්තේ දිනුක මරුමුවට පත් වූ බව සැලවීමත් සමගම පිටකොටුව කෙසෙල්වත්ත අලූත් කඬේ ප‍්‍රදේශ සුදුකොඩිවලින් සැරසීමට ඔහුගේ ගෝල බාලයන් කටයුතු කර ඇත.

පිටකොටුවේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ කිත්සිරි රාජපක්‍ෂ, ඔහුගේ සොහොයුරු ඇතුළු පුද්ගලයන් රැුසකගේ ඝාතන සම්බන්ධයෙන් කෙසෙල් වත්තේ දිනුකට එරෙහිව චෝදනා එල්ල වී තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මත්ද්‍රව්‍ය ඡාවාරම්, පිටකොටුව ඇතුළු ඒ අවට ප‍්‍රදේශවල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම් ඇතුළු තවත් අපරාධ රැුසක් සම්බන්ධයෙන් ද දිනුකට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

හේමන්ත රන්දුණු
– divaina

89,689 views

7 Comments to “කෙසෙල්වත්තේ දිනුකගේ මෘතදේහය ඩුබායි සිට ගේන්න සූදානම්.. පිටකොටුව සුදු කොඩිවලින් සරසයි..”

  1. දිනේෂ් ගයාන් ඩුබායි says:

    කොහෙද මේ සිරා එක්ක බෑ පාතාලයො මගුල් අවමගුල් නටන්නෙ නෑ කොන්ද පණ ඇති නායකයෙක් හිටිය නම්.හැබෑට සිරා නෙමේද ලොක්ක දැන්

    • ගිරවා says:

      කෙසෙල්වත්තේ දිනුක පාතාලයෙක් නමුත් කෙසෙල්වත්තේ සජිත් මෝඩ දේශපාලුවක් ඔවුන් දෙදෙනා අතර වෙනස කුමක්ද ? කෙසෙල්වත්තේ බලය පෙන්වීමට තමයි සුදු කොඩි දාන්නේ ..ඒ කාලේ ප්‍රේමදාස සුදු පාවාඩ මතින් පාරේ ගමන් කළා වගේ ..ඒක කෙසෙල්වත්තේ චාරිත්‍රයක් විය හැකියි

  2. On The Spot says:

    කෙසෙල්වත්තේ සුදු කොඩි දැමීමට පූර්ණ අනුග්‍රහය අපේ පුතාණෝගෙන්.

  3. ජගත් says:

    ගෝටාභය ස නේද ජනාධිපති??

  4. කොනකට් says:

    මිනිය ලoකාවට ගෙනාවම PCR ටෙස්ට් එකක් කරලා පොසිටිව් නම් ආදාහනය කරනවා වහාම.

Main News