කෙසෙල් කිලෝව රුපියල් අටයි.. ගොවීන් අමාරුවේ..

June 5, 2021 at 2:28 am | lanka C news
කෙසෙල් කිලෝව රුපියල් අටයි.. ගොවීන් අමාරුවේ..

ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ 04 දිනයේදී ගොවීන්ගේ කෙසෙල් විකුණා ගැනිමට නොහැකි තත්වයක් උදාවී ඇත. ඒ ඉතාමත් අඩු මිලකට තම අස්වැන්න අලවිකිරීමට සිදුවීම හේතුවෙනි.

ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානයේ පෙරවරු සිට එළවලු සහ පළතුරු තොග ලැබෙමින් පවතින අතර කෙසෙල් මිල ඉතාමත් අඩු මට්ටමක පවතී.

ඇඹුල් කෙසෙල් කිලෝවක මිල රුපියල් 8ත් 10 කට අලවි වන විට කෝලිකුට්ටු කිලෝවක් රුපියල් 60ත් 70ක්, ද සීනි කෙසෙල් කිලෝවක් රුපියල් 30ක්ද යන අඩු මිල ගණන් යටතේ අලවි විය. 4 දා පළතුරු කිලෝ 85000 අසුපන් දහසක් පෙරවරු වන විට ලැබී තිබිණි.

මේ අතර අන්නාසි 80ත් 100ත් ගස්ලබු 20ත් 25ත් පැණි කොමඩු 40ත් 50ත් වැනි මිලගනන් යටතේ අලවි විය.

ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගනන්  පැවතියේ මේ ආකාරයෙනි,

රුපියල් පනහට අඩුවෙන් පිපිඤ්ඤා, වට්ටක්කා,මඤ්ඤොක්කා ද, රුපිල් 100ට අඩුවෙන්,බණ්ඩක්කා, දඹල, පතෝල, 150ට අඩුවෙන්_වට්බටු,වැටකොලු,ලීක්ස්,කැරට්,ගෝවා ද රුපියල් 200ට අඩුවෙන්, බෝංචි, තිබ්බඩු. කරවිල, රුපියල් 200ට වැඩියෙන් අමු මිරිස්, මාලු මිරිස් අලවි වී ඇති බව ඇඹිලිපිටිය විහේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ස්ථානභාර නිළධාරී සම්පත් උදයංග මහතා පවසයි.

– ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක

18,810 views

8 Comments to “කෙසෙල් කිලෝව රුපියල් අටයි.. ගොවීන් අමාරුවේ..”

  1. Dengu Nona says:

    Apata labenakota eka gediyak rupiyal wissak – wisipahak withara wenawa – Kolikuttu.

  2. 3% ට බය බයියා. says:

    වෙනස ෂැපද …………………………………

    • kumdhar says:

      උඹල වගේ අය නේද කිව්වෙ, රට LOCKDOWN කරන්න කියල? එහෙම කලාට පස්සේ අහනවා, “වෙනස ෂැපද …………………” කියල. පුහ් …!

  3. බිල්ලා says:

    ආන්ඩුවේ අමන, මෝඩ වැඩ නිසා පාරිභෝගිකයොත් ගොවීනුත් දෙගොල්ලම අමාරුවෙ වැටිල. ඊලග ජනාධිපතිවරනෙදි මේ ආන්ඩුවෙ ඉන්න එකෙකුටවත් විපක්ශයේ ඉඳගෙන බොරු නිව්ස් මවන උන්ටවත් චන්දෙ නොදෙන්න දැන් තියාම ස්තිර තීරන අරගනිමු.

  4. Darshana abayakoon says:

    සාටකයේ සාපය

  5. ජරාව ට වැඩ. says:

    මම හීනෙන් දැක්කා ලබන මාසේ ලංකාවෙ මහා මැතිවරණය කියල.

  6. tdsolo says:

    කෙසෙල් 1kg රු.8.00 යිලු.අපි ගද්දි රු 70.00 යි. බයියන්ට බැරිද මේකට විසඳුමක් හොයන්න.ගොවියා මැරිලා නිශ්පාදනය කරනවා අන්තිමට පාරිබොගිකයා 700%ක් දීලයි කෑමට ගන්නේ.මේකට ආණ්ඩුවක් ඔනෙද බොලව්.. කාලකන්නි රටක් ඔයි මේක ………………

Leave a Comment

Main News