කෙසෙල් වත්තකට පැන කෙසෙල් කැපූ අයෙකු අල්ලා පොලීසියට භාර දෙයි…

August 15, 2020 at 2:07 am | lanka C news
කෙසෙල් වත්තකට පැන කෙසෙල් කැපූ අයෙකු අල්ලා පොලීසියට භාර දෙයි…

යාපනය පුන්නාලෙයි කට්ටුවාන් ප්‍රදේශයේ පිහිටි කෙසේ වගාවකට ඇතුලු වී කෙසෙල් ගස් කපා කෙසෙල් රැගෙන යාමට උත්සහ දැරූ අයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා චුන්නාකම් පොලීසියට භාර දී ඇත.

පුන්නාලෙයි කට්ටුවාන් උතුර ප්‍රදේශයේ පිහිටි අදාල කෙසෙල් වගාවට ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඇතුලු වී ඇති අතර එහිදී කෙසෙල් වගාවේ හිමිකරු ඇතුලු තරුණයින් කිහිපදෙනෙකු සැඟව සිට සොරුන් අල්ලා ගැනීමට උත්සහදරා ඇති අවස්ථාවේදී සොරුන් පලායාමට උත්සහ ගෙන ඇත.

එහිදී ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව එක් අයෙකු අල්ලාගෙන ඇති අතර අනෙක් සැකකරු යතුරුපැදියෙන් පලා ගොස් තිබුණි.

කෙසේ වෙතත් අල්ලාගත් සැකකරු ප්‍රදේශවාසීණ් විසින් කපන ලද කෙසෙල්කැන්ද සමගින් චුන්නාකම් පොලීසියට භාර දී ඇති අතර පලා ගිය සැකකරුද අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණයක් අරඹා ඇති බවට දුන්නාකම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,451 views
Main News