කෙහෙල්මල් වවුචර එපා.. පොහොර සහනාධාරය, පාසැල් නිලඇදුම පෙර පරිදිම දෙනු.. දශ ලක්‍ෂ එපා රස්සා ලක්‍ෂයක්වත් දෙනු.. විශ්වාස භංගයට සතියක් තියා සජිත් උඩ පැනපැන නෙලයි..

March 28, 2018 at 12:02 am | lanka C news
කෙහෙල්මල් වවුචර එපා.. පොහොර සහනාධාරය, පාසැල් නිලඇදුම පෙර පරිදිම දෙනු.. දශ ලක්‍ෂ එපා රස්සා ලක්‍ෂයක්වත් දෙනු.. විශ්වාස භංගයට සතියක් තියා සජිත් උඩ පැනපැන නෙලයි..

ජනතාව අද වන විට සිටින්නේ කලකිරීමක යයි ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

රජයේ භාවිතාව සම්බන්ධයෙන් රටේම ජනතාව ආණ්ඩුවවට රතු එල්යක් දල්වා ඇති බවද ඇමතිවරයා සදහන් කරයි.

මේ පසුබෑමෙන් යලි නැගිටින්නට නම් අනිවාර්යෙන්ම පොහොර සහනාධාරය පෙර ලෙසම ලබා දිය යුතු බවද ඔහු කියා සිටී.

කෙහෙල්මල් වවුචර ක‍්‍රමය නැතිව පාසල් නිල ඇදුම පෙර පරිදිම ලබා දිය යුතු බවත් රැුකියා දශ ලක්‍ෂය කෙසේ වෙතත් රැකියා ලක්‍ෂයක් හෝ ලබා දිය යුතුව ඇති බවද ඔහු සදහන් කලේය.

උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

90 views

17 Comments to “කෙහෙල්මල් වවුචර එපා.. පොහොර සහනාධාරය, පාසැල් නිලඇදුම පෙර පරිදිම දෙනු.. දශ ලක්‍ෂ එපා රස්සා ලක්‍ෂයක්වත් දෙනු.. විශ්වාස භංගයට සතියක් තියා සජිත් උඩ පැනපැන නෙලයි..”

  1. බබා උක්කුන් says:

    කුලෙන් මිනිහෙක් මනින්න බැහැ තමයි. රදා කුලේ අය ඕන තරම් ඉන්නවා ඉතාමත් හොඳ හැදියාවෙන් යුතු, සමාජයේ ඉහල තරාතිරම් දරන, ඉතාමත් වැදගත් විදිහට ජීවත්වෙන හොඳ මහත්වරු. බුදු බණේ තියෙන්නේ මිනිසා වසලයෙක් හෝ බමුණෙක් වෙන්නේ ක්‍රියාවෙන් කියල. ලංකාව පුරා තියෙන නිධන් හාරන, උගත් තරුණ, තරුණියන්ට අපහාස කරන, ශරීර ප්‍රමාණය අනුව රැකියා නියම කරන, හොරකම් කරපු සල්ලි වලින් දන් දෙන එවුන් ගැන කුමන කතාද?.
    ඔයිට හොදයි කුණු දතාට කතා කරලා, අර ඉන්දියාවට දීපු ඉස්පිරිතාල වල රෙදි හෝදන කොන්තරාත් එක බාර ගත්තා නම්. පරම්පරාවෙන් එන රස්සාවනේ.

  2. රටෙ එකා says:

    මේකා අඩුම ගානෙ හමුදාව පාවලා දෙද්දිවත් කට ඇරියේ නෑ. රනිල්ට කෙල වෙන්න ලග බව තේරෙද්දී ඔන්න අනිත් පැත්ත හැරෙන්න පටන්ගන්නවා. රනිලුත් හොදයි මේ පතෝලයට වඩානම්.

Main News