කෙහෙලිය ඇමති ධුරයෙන් ඉවතට…?

October 24, 2021 at 10:02 pm | lanka C news
කෙහෙලිය ඇමති ධුරයෙන් ඉවතට…?

– Aruna.lk

ඖෂධ සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත්වීමට වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ගත් තීන්දුව මසකින් කල් දමන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා .

මේ හේතුවෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපහසුතාවයකට මුහුණ දී ඇති බවටයි වාර්තා වන්නේ .

මීට පෙර මාධ්‍ය වාර්තා මගින් වාර්තා වුණේ ප්‍රසන්න ගුණසේන මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් ඊට හේතුව වී ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල සමග ඇති කරගත් මතගැටුමක් බවත්ය .

සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග පවසන්නේ ඒ අනුව ඊයේ දින දක්වාම කෙහෙළිය රඹුක්වැල්ල පාර්ශ්වය ජය ගෙන ඇති බව පෙනෙන්නට තිබුණද ජනාධිපතිවරයා මේ සිද්ධියට මැදිහත් වීමත් සමග තත්වය වෙනස් වී ඇති බවයි

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මතුව ඇති තත්ත්වය හේතුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය තනතුරින් ඉවත්ව යාමේ වාතාවරණයක් මතුව ඇති බවයි.

184,666 views

23 Comments to “කෙහෙලිය ඇමති ධුරයෙන් ඉවතට…?”

  1. අපේ රට says:

    බෙහෙත් ආන්ඩුවම ගෙනකොට කාට කාටත් විලිරැදාව හැදෙනවා.

  2. Sun says:

    Good get rid of these money hunters running only after money, so corrupted politicians. Only checking the bank account rather than serving the people. Oh my god.

  3. ⁣මාදිවෙල උකුස්සා says:

    ඉතාමත් අවංක දේශපාලනඥවරියක වන පවිත්‍රා වන්නිආරචිචි සෞඛ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත්කිරීමට ජනාධිපති ගත්තේ වැරිදි තීරණයක්. ඇය චන්ද්‍රිකා සහ මහින්ද බලයට ගෙන ඒමට දැවැන්ත කැපවීමක් කළ අයෙක්. කිසිදු දූෂණ චෝදනාවකට ලක්නොවූ අයෙක්. ජයසුමනට, ප්‍රසන්න ගුණසේනට සහ ශවෙින්ද්‍ර සිල්වා⁣ට උවමනා උනේ ඇය ඉවත්කර ගන්නයි. කෙහෙළිය රඹුක්වැල්ල කියන්නෙ කටිට,කයිරාටික, වෙටිට පිත්තල සුපිරි ගේමිකාරයෙක්. කෙහෙළියල දන්න දේශපාලනය වියත්මගේ එවුන් දන්නෙ නෑ. ගෙදර පවුලෙ අය කාල ඉතුරැවෙන මාළු, මස් කෑලි ටික ගණන්කරල ෆ්‍රිජ් එකටදාල, වැඩකාරයින්ට හාල්මැස්සන් හොදියි බතුයි කන්නදෙන කෙහෙළියල මිනිස්සුන්ට මොනව නොකරයිද? මොනව උනත් මූ ගෑණිගෙ කටටනමි පටිට බයයි.

  4. රංජිත් විජේසිංහ says:

    නිළධාරීන්ට කිසිදු මැදිහත් වීමක් නොමැතිව කටයුතු කරන්න දෙන තාක් නිළධාරීන් කෙසේ නම් වැඩ කරන්නද.ඇමති ප්‍රගතිය පෙන්නන්න විෂය පිළිබඳ දැනුවත් විය යුතු නොවේද? එසේ නම් අපේ රටට අවශ්්‍ය කිනම් ඇමති වරයෙක්ද? වැඩිය කියවන්න ඕනි නැ ඇත්ත තේරෙනවා නේ.

  5. Sunil Perera says:

    Me awith thiyenne pahu giya rajaye hora kapu nade araksha karanna.

  6. රුක්ෂාන් සිල්වා says:

    ඇත්තතෙන්ම විය යුතු දෙයක්. සුදුස්සාට සුදුසු තැන ලබා දිය යුතුයි.

  7. Sagarika Alvis says:

    ane loku deyak. janadipathi thumata mole awith.

  8. Sagarika Alvis says:

    Oaba thuma anawashya widiyata agili gahana kota oka wenne nathuwada? niladarinta nidahase wada karanne adenna.

  9. Demuni Uduwara says:

    Not only Keheliya, entire govt should resign !

Main News