කෙහෙලිය එජාපයටද..?

September 29, 2019 at 3:50 pm | lanka C news
කෙහෙලිය එජාපයටද..?

තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට එක් වීමට සූදානමක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

සමාජ ජාලාවල තමන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්තිය පළ කර ඇති බවත් වසර පහක කාලයක් රට අගාධයකට ඇද දමන ලද බංකොලොත් දේශපාලන පක්ෂයට එක්වීමට තමන් කිසිදු සූදානමක් නැති බව ද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මහනුවර දී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

අද වන විට තමන් නියෝජනය කරන කඳවුරේ ඡන්ද බැංකුවක් තිබෙන බවත් එම කදවුරට රට දියුණු කිරීමට හැකියාව ඇති බවත් ඔහු කියා සිටියේය.

58 views

5 Comments to “කෙහෙලිය එජාපයටද..?”

  1. හෙලයා says:

    දැන් ගරා වැටුන එජාපයට පනින්නේ ආතක් පාතක් නැති උන් පමනය්.

  2. ක්‍රිමිනල් says:

    රඹුක්වැල්ල මහතා යූ ඇන් පියට කරන සේවාව අගය කල යුතුය . එතුමා පොහොට්ටුවේ සම -මාධ්‍ය ප්‍රකාශක ලෙස , පොහොට්ටුව පීචං කිරීමේ මහැගී සේවාව අගය කල යුතුමැය. උදා
    1. සහරාන් ගොඨාභය මහතාගේ “පේ-රෝල”යේ සිටියැයි පිලිගැනීම.
    2.සෝෆා සහ මිලේනියම් ගිවිසුම් වක්‍රව අනුමත කිරීම.
    සහ තවත් වෘශභීය ගනයේ වාග් සංවාද.

    අදෝමැයි !

  3. real says:

    Pls. never come to UNP, and UNP never take KR….

  4. Saman says:

    This person destroyed Digana kundasaaala area

  5. Buddhist says:

    Ane muta monawath kyanna epa, anithpara Shangrilla uda mahalen bimata paninna hadai!

Main News