කෙහෙලිය යෝජනා කල නම ජනපති ප‍්‍රතික්‍ෂෙප කරයි.. වෙනත් අයෙක් පත් කරයි..

November 12, 2021 at 11:20 am | lanka C news
කෙහෙලිය යෝජනා කල නම ජනපති ප‍්‍රතික්‍ෂෙප කරයි.. වෙනත් අයෙක් පත් කරයි..

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස යෝජනා කර තිබූ නම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගේ නම සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් යෝජනා කර තිබිනි.

නමුත් ජනාධිපතිවරයා එම නම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව වෛද්‍ය සචිත් සේමගේ මහතා අදාල ධුරය සඳහා පත් කර තිබේ.

සේමගේ මහතා යුද හමුදා නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා වන අතර ඔහු එන්නත් කරන වැඩසටහනට භාරව කටයුතු කළේය.

43,479 views

15 Comments to “කෙහෙලිය යෝජනා කල නම ජනපති ප‍්‍රතික්‍ෂෙප කරයි.. වෙනත් අයෙක් පත් කරයි..”

  1. LalithM says:

    හැම තැනම හමුදාව. අන්තිමට හමුදාව විතරක්ම ඉතිරිව සිවිල් සේවකයෝ ඉවත්ව යන දවස එයි.

    • Sam says:

      දැන් මොකක්ද උබට තිබෙන අමරුව ? හොරාකන එකෙක් ඔතනට දාන්ඩද. මහින්ද නැත්නම් දැනටමත් ගෝට මේ රට ගොඩ දාල .මොනව කරන්ඩද ජාතියේ අවාසනාව

    • Sajith Jayasena says:

      අනේ පල ගොබ්බය. කවුරු ආවත් හරියට වැඩක් වෙනවනම් කාටවත් තියෙන කැසිල්ල මොකද්ද.

    • Rathnaweera says:

      තොපිම තමයි ඒ දවස් වල මිනී මෝරු කතාවකුයි, සුදු වෑන් කතාවකුයි ගෙනාවෙ. තොපි ඒකාලෙ කියපු විදියට සුදු වෑන් වලින් මිනිස්සු ඉස්සුව නම් අද වෙනකොට විපක්ශෙ එකෙක් වත් ඉතුරු වෙන්නෙ නෑ. තොපේ රනිලා ඒ කාලෙ අන්තවාදී හැත්ත දෙපාර්ථමේන්තු වල පුරවනකොට කට පියාගෙන හිටපු කාලකන්නි මෙතන එනව හමුදාව දානකොට භූමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ නලියන්න.

    • Mahesh says:

      ඇයි මාටියා පාර ගහගෙන බොරුවක් කරගෙන ඉන්න එක කෙලවෙන්න වගේ යනකොට දුකද සිවිල් සේවකයා? එජාපෙ කැඩුනට එජාප වහල්ලු තාම එල්ලෙන්න තැනක් හොයනව වගේ.

    • නුවන් says:

      සිවිල් සේවකයෝ කලාද? හරියට පෝලිමක් වත් හදාගන්න බැහැ. හැමතැනම ලියුම් ගොඩගැහිලා, උත්තර නැහැ. පරිපාලනය කරන ලොක්කා පරිපාලනය දන්නේ නැහැ. රජයේ විධායක මට්ටමේ සියලුම් නිලතල වලට හමුදා ව දැන්මානම් මාස 3 නෙන් රටේ ‌ගොඩක් ප්‍රශ්ණ විසඳන්න පුළුවන්

  2. KDN says:

    Yes his excellency, you are absolutely correct. We respect your opinion. Do not let the ministers for corruption

  3. හමුදාව says:

    ජනාධිපති තුමාට විශ්වාස හමුදාවේ ය තමයි. හමුදාවේ වුනත් වෙන් කෙනෙක් වුණත් දක්ෂ අයට වගකීම් බාරදෙන එක හොඳයි. එකමදේ, අර ඩේටා බේස් එකේ හාල් දාපු බ්‍රිගේඩියර් වගේ වැඩේ චෝර කර ගන්න එපා. නම කැතවෙන්නේ හමුදාවේ.

  4. Minister of Balcony says:

    Mamanam gange paninawa, wathura beela marenawa,
    Husma tikak hira wenakota, goda peenanawa…//

  5. Vijith says:

    Congratulations to Dr. Saveen, a gentleman and a dedicated officer with a clean track record. A decision well made by HE.

  6. patriot says:

    very good president these ministers are bloody corrupted. What about Bandula? Are u going to take any action against him?

  7. අවුසදහාමි says:

    ඇමැති හදන්නෙ තමන්ගෙ කෙනෙක්ක්දාගෙන ගේම දෙන්න. කෝටි ගනන් හුවමාරු වෙන තැන් නෙ. හමුදාවෙ දොස්තර මහත්තයා දාපු එක හොදයි. මට කීයක් දෙනවද කියලා අහන එවුන් නැතිව.

  8. Ramya says:

    ඕස්ට්‍රේලියාව පැත්තෙන් බැල්කනියක් කඩාගෙන වැටෙන සද්දයක් ඇහුනා

  9. Gajaba says:

    Excellent decision. He served in military but he is a Sri Lankan citizen? I don’t understand why some are shivering when they hear or see military personal. Their Nonsense! Make sure Mr. President, that whoever appointed would execute duties honestly.

  10. බූරු පුතානෝ සජීයා says:

    කෙහෙලිය කියන්නෙ ටෙලි නාට්‍යවලින් මාසෙකට ලක්ෂ 50ක කප්පම් ගත්ත හොරෙක්

Main News