වැඩි විදුලිය ඉන්දියාවට කේබල් ඇද විකුණන බව කියා දැන් ගෙදර බල්බ් 2ක් නිවන්නලු..

March 28, 2019 at 5:30 pm | lanka C news
වැඩි විදුලිය ඉන්දියාවට කේබල් ඇද විකුණන බව කියා දැන් ගෙදර බල්බ් 2ක් නිවන්නලු..

ශ්‍රී ලංකා පරිවර්තන සමූහය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

විදුලි බලය අරපරිස්සමෙන් භාවිතා කිරීමට නමින් ඉදිරි මාස තුනක කාලය සදහා සියලුම නිවෙස්වල විදිලි පහන් දෙකක් නිවා දැවීම, සාමාන්‍ය දිනවල විදි පහන් නිවීම සිදුකරන වෙලාවට පැයකට පමණ පෙර නිවා දැමීම, රාජ්‍ය ආයතන වල විදුලි පරිභෝජනය අඩුකිරීමට ක්‍රියාකිරීම වැනි ක්‍රියාමාර්ග ඇතුලත් යෝජාවක් අමාත්‍ය රවී කරුණානානායක විසින් ඉදිපත් කල යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ජනමාධ්‍ය හරහා දැනගන්නට ලැබේ.

වර්තමාන තත්වය එසේ වුවත් මීට වසර තුනකට පමණ පෙර විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින් පවසා සිටියේ වත්මන් රජය ගල් අගුරු විදුලිය අවශ්‍ය නෑ කියා සාම්පුර් ගල් අගරු විදුලි බලාගාරයේ වැඩකටයුතු නවතා දැමීමට ජනපති හා අගමැති කටයුතු කල බවත් ඉදිරියේදී විදුලිබල අර්බුධයක් ඇතිවීමට ඉඩ නොදෙන බවත් කේබල් මාර්ගයෙන් ඉන්දියාවට අතිරික්ත විදුලිය විකිණීමට කටයුතු කර ඉන් මුදල් උපයාගැනීමට හැකිවන පරිදි කටයුතු කරන බවත්ය.

මේ දිනවල දිගින් දිගටම සිදුකරන විදුලි කප්පාදුව නිසා ජනතාවගේ එදිනෙදා වැඩකටයුතු කඩාකප්පල් වී ඇති අතර රටේ සමස්ත ආර්ථිකයටම විදුලි කප්පාදුව නිසා සිදුවන අනෙකුත් සේවා බිදවැටුම් බලපා තිබේ.එහෙත් මේ පිලිබදව ස්ථිර විසදුමක් ලබාදිමට කිසිදු බලධාරියෙකු අපොහොසත්ව ඇති අතර අදාල බලධාරීන් හා ඇමතිවරුන් විදුලි බිදවැටුම් පිලිබදව ජනතාවගෙන් සමාජ මාධ්‍ය හරහා සමාව අයැද සිටීම පසෙකලා ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග “නිවෙස් වල බල්බ් 2ක් නිවීම” වැනි තාවකාලික පැලැස්තර වලින් තොරව ලබාගත යුතු ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස අප අදාළ බලධාරීන්ට අවධාරණය කර සිටීමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

84 views

10 Comments to “වැඩි විදුලිය ඉන්දියාවට කේබල් ඇද විකුණන බව කියා දැන් ගෙදර බල්බ් 2ක් නිවන්නලු..”

  1. මැදමුලනෙ මුත්තා says:

    ශ්‍රිලංකා පරිවර්තන සමූහය. ඒ මොකක්ද බොලේ ඒ?
    කොහේ ඉන්න හාල්පාරුවො ටිකක්ද?

  2. gorilla says:

    එක්කො තොපි ටික තොපිම මකබැවිලා පලයව්. නැත්නම් අපිට චන්දයක් දීපියව් මකබාවල යවන්න.

  3. Podda says:

    Deka galawannalu

  4. Poddaf says:

    “Ravi deka galewwa wage”

  5. desta says:

    mun deepu prondu free wifi (gedara etuleth wifi neha rs5000 gewala kellak hai karagannalu mobitel) car joe WV kuliyapitiya (bara karatthayak wath hadanne neha)j job 100000k ( koolanta kadulu gas guti poriyal hospital or remand). tawa tiyenawa mun tika koti ganam gewala lucxury wahana munge sallary laksha ganam wedi karagena apita shina maliga sweet home kanna th neha toilet hadanawalu ponna mudal emathi kiyai gahala elawapalla denwath

  6. Kaluware Api says:

    Mewata thamai kiyanne ” atheesareta amuda gahanawai kiyala ”
    Aanduwe ewunta dan gahagana amudawath nathiwa athi!

  7. Saman says:

    දැන් ඉතින් වතුරත් නැති නිසා තව ටික දවසකින් වැසිකිලි ගිහින් පස්ස හෝදගන්න වතුර කෝප්ප 1 කට කියලා කැබිනට් අනුමැතියත් ගනියි. තුහ් නොදකින් මෙහෙම රටක් ! වරකෝ චන්දෙකට. තොපි ඔක්කොම ගෙදර යවනවා

  8. john the baptice says:

    ජනාදිපති මේ රජය මහජනතාව වෙනුවෙන් අහෝසි කල යුතුය

  9. Kings says:

    මේ ආණ්ඩුව වැඩක් කලොත් පුස්සක් තමයි. ගෙවල් වල බල්බ් දෙකක් නිවන්න කියනව. අද උදේ 7.15 ට මම ආවෙ කැලනි පාලම උඩින්. ඒකෙ වීදි ලාම්පු ඒ වෙලාවටත් පත්තු වෙනව. මුන් කියන දේවල් පලාත් පාලන ආයතනවල අයවත් ගනන් ගන්නෙ නැහැ දැන්.

Main News