කේබල් කාර් ව්‍යාපෘතියක්… අහසේ සිට පොලොව බලන්න අවස්ථාව…

June 17, 2022 at 12:00 pm | lanka C news
කේබල් කාර් ව්‍යාපෘතියක්… අහසේ සිට පොලොව බලන්න අවස්ථාව…

නුවරළිය දෙස් විදෙස් ආකර්ෂනීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කෙරේ. විදෙස් සංචාරක අවධානය වැඩි වශයෙන් යොමු කරවා ගැනීම ඉලක්ක කර ගනිමින් නුවරඑළිය සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.

“අනාගතය උදෙසා නුවරඑළිය සංවර්ධනය” යන තේමාව යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි. නුවරළිය පැරණි තුරඟ තරග පිටිය, ග්‍රෙගරි වැව ඇතුළු නුවරඑළියේ සංචාරක ආකර්ෂනීය ස්ථාන ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කෙරේ.

නාගරික සංවර්ධන අධිකාරිය හා නුවරඑළිය නගර සභාව අතර පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. සාකච්ඡාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

නුවරඑළිය මූලික කරගත් ග්‍රෙගරි වැව සංවර්ධනය, අදියර පහක් යටතේ සිදුකෙරේ. රථවාහන ගාල් කිරීමේ ස්ථාන සහ මෝටර් ධාවන පථ ඉදිකිරීමට ද මේ යටතේ සැලසුම් කර තිබේ. ග්‍රෙගරි වැව අසල උණුසුම් ජල තටාකයක් ද ඉදිකිරීම ද සැලසුම් කර ඇතැයි මෙහිදී අනාවරණය විය.

යෝජිත මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ, “නුවරඑළිය පැරණි තුරග තරග පිටිය ප්‍රතිසංවර්ධනය කිරීමේ පළමු අදියර” ද  ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ යටතේ පැරණි තුරග තරග පිටිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කෙරේ. කේබල් කාර් ව්‍යාපෘතියක්, අශ්වරේස් මංතීරුවක්, සැණකෙළි සංකීර්ණයක්, අශ්වයින් ගාල් කර තැබීමට ස්ථානයක් සහ අවන්හල් ජාලයක් ද ඉදිකිරීමට අපේක්ෂිතයි.

නානුඔය නගරයේ සිට නුවරඑළිය නගරය දක්වා ඉදිකරන කේබල් කාර් ව්‍යාපෘතිය සංචාරකයන්ට නැවුම් අත්දැකීමක් ගෙන දෙනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පළ කරයි. නුවරඑළිය පොළව මට්ටමට ඉහළ අහසේ සිට අවට ප්‍රදේශ නැරඹීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

නුවරඑළිය සංවර්ධන ව්‍යාපෘතියත් සමඟ ම පූඩලුඔය, නානුඔය, ගිනිගත්හේන, වලපනේ, රිකිල්ලගස්කඩ, පුසසැල්ලාව සහ කිතුල්ගල යන නගර ද සංවර්ධනය කිරීමට නියමිතයි. යෝජිත මෙම සංවර්ධන ව්‍යාපෘති යටතේ මූලික සහ අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සැපයීම ද සිදුකෙරේ. මෙයට අමතරව විදුලිය, තැපැල් සහ අදාල වෙනත් ක්ෂේත්‍ර සංවර්ධනය  කිරීමත්, පරිසර හිතකාමි ගස් වර්ග සිටුවීමත් සිදුකරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම සාකච්ඡාව සඳහා නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර සැලසුම් ශිල්පී ප්‍රසාද් රණවීර යන මහත්වරුන් ද සහභාගී වූහ.

– ප්‍රදීප් අනුර කුමාර

36,548 views

28 Comments to “කේබල් කාර් ව්‍යාපෘතියක්… අහසේ සිට පොලොව බලන්න අවස්ථාව…”

  1. Asanka Thilakarathna says:

    අහසෙ ඉදං බලපං අපේ පුක

  2. atta says:

    අපේ එක්කෙනෙක් මේදිනවල පර්යේසන කරනව හුලං බලෙන් යන ගුවන් යානා හදන්න. එතකොට සංචාරකයෝ හෝ ගාලා ඒවි. වාහන වලට තෙල් වුවමනා නැත.

  3. මේ කාලකණ්ණියට, පිස්සු මිනිසුන්ට එදා වේල කන්න විදිහක් නැතුව දුක් වාදිනවා තමන්ගේ රැකියාව කරගන්න තෙල් ටිකක් ගන්න මිනිස්සු හැතැප්ම දෙක තුන දිග පෝලිම් දවස් දෙක තුන
    කුසට ආහාරයක් නැතිව දුක් විදිනවා ඇහ පියවගන්න වැසිකිළි කැසිකිලි පහසුකම් නැතුව අපා දුක් විදිනවා, ගැස් නැතුව කිරිපිටි නැතුව බෙහෙත් නැතුව මිනිසුන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනවා. එහෙව් රටක මේ කාලකණ්ණියා කේබල් කාර් ව්‍යාපෘතිය ගැන මරු කියවනවා.

  4. himali says:

    ඩඩ්ලිගේ තට්ට්ටු හතේ අරලිය හෝටල් 3නට ලාබ ගන්න ප්‍රසන්න ක්‍රමයක් හදලා දීලා කුට්ටියක් සාක්කුවේ දාගන්න යන්නේ . නුවර එළියේ ලොකුම ඉඩම් හොරා හිටපු නගරාධිපති දොඩම් හවුල් කරගෙන

  5. sunimal says:

    තවත් කොමිස් ගැහිල්ලක්.

  6. Sasrasi says:

    අනේ හොදයි පෙට්‍රල් ඩීසල් නැති නිසා රට වටේම යන්න කේබල් කාර් හදන්න .
    ඕවට ඩොලර් තියෙනවා ද, ණයට ද

  7. Rabok says:

    Brain less donkey still think people want to believe you – Yes people are waiting to hang you with a cable

Main News