කේරල ගංජා උතුරු මුහුදේ පාවේ.. කිලෝ 153ක් අල්ලයි..
October 13, 2017 at 2:26 am | lanka C news
යාපනය වැල්වැටි තුරෙයි මුහුදු තීරයේ පාවෙමින් තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න කේරල ගංජා කිලෝ 153 ග්රෑම් 700 ක ප්රමාණයක් නාවික හමුදාව විසින් සොයාගෙන ඇත.
උතුරු නාවික විධානයට අයත් වේග ප්රහාරක යාත්රාවක නාවික සෙබලුන් පිරිසකට අදාල කේරල ගංජා තොගය අඩංගු ඇසුරුම් 44 ක් මුහුදේ පාවෙමින් තිබියදී හමු වී ඇත.
ඉන්දියාවේ සිට අදාල කේරල ගංජා තොගය ධීවර යාත්රා මගින් ගෙනවිත් මෙරට අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි නාවික හමුදා නිලධාරීන් සැක පල කර සිටියේය.
නාවික හමුදාවට හමු වූ අදාල කේරල ගංජා තොගය නාවික හමුදා නිලධාරීන් විසින් කනකසන්තුරෙයි පොලීසිය වෙතට භාරදීමට පියවර ගෙන ඇත.
මතින් තොර රටක් අනේ
රටට වෙච්ච ඩේ
උතුරැ මුහුදෙ පමණක් නෙවෙය් අපේ ගම් වලත් – පාදුක්ක හොරණ – පලාත් වල අැති පදමට ගන්ජ නෙවය් කුඩුත් පාවෙනවා.
ඕවා ගෙනාපු එකා අහුවුනානම් පක්ෂ සංවිදාන කමක්වත් ලැබෙනවා