කේරල ගංජා කිලෝ 130ක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට…
August 3, 2018 at 8:02 am | lanka C news
මන්නාරම කෝලිතුඩුවායි ප්රදේශයේ කළ වැටලීමකදී රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සැකකරුවකු සමඟ (02) අත්ඩංගුවට ගත් බව වව්නියාව පරයානම්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැවසීය.
නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත වව්නියාව පරයානම්කුලම් විශේෂ කාර්ය බලකා සෙබළුන් එක්ව මෙම වැටලීම සිදුකොට තිබිණි.
අදාල වැටලීමේදී සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්රෑම් 130 කට ආසන්න ප්රමාණයක් අත්අඩංගුවට ගත් බවපරයානම්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සඳහන් කළහ.
කිලෝග්රෑම් 2ක බැගින් ඇසුරුම්කළ තිබු ඇසුරුම් මෙහි තිබී සොයා ගත් බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් අදාළ සැකකරු වයස අවුරුදු 39 ක් වු අබ්දුල් සලාම් අස්මින් නැමති පෙරියකර්සල්, මන්නාරම ප්රදේශයේ පදිංචිකරුවෙකු බවත් වව්නියාව කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි වව්නියාව පරයානම්කුලම් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරී ප්රධාන පොලිස් පරීක්ෂක ඩබ්.සී.ඒ.එස් සිල්වා මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායම මෙම මෙහෙයුම සිදුකළ බවයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
දවසට 5ස් පාරක් වැදලා කරන බලු වැඩ හැම ආගමක්ම එකයි කියන යමපාලන බුරුවන්ට දැනගැනීම පිණිසයි