කේරල ගංජා කිලෝ 151ක් උතුරු මුහුදෙන් අත්අඩංගුවට…

October 25, 2018 at 2:05 am | lanka C news
කේරල ගංජා කිලෝ 151ක් උතුරු මුහුදෙන් අත්අඩංගුවට…

යාපනය කන්කසන්තුරෙයි මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදේදී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 151ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව කියා සිටයේය.

උතුරු නාවික විධානයට අයත් විශේෂ යාත්‍රා බලඝනයට අයත් නාවිකයින් පිරිසක් විසින් කන්කසන්තුරෙයි මාදගල් මුහුදු ප්‍රදේශයේදී සිදු කරන ලද සෝදිසියකදී සැකකරුවන් දෙදෙනෙකු කුඩා ධීවර යාත්‍රාවක් යොදාගෙන අදාල කේරල ගංජා තොගය රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටින අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හා කේරලගංජා තොගයද අදාල යාත්‍රාව සමග කන්කසන්තුරෙයි පොලීසියට ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12 views
Main News