කේරල ගංජා කිලෝ 203ක් අත්අඩංගුවට…

July 21, 2019 at 2:13 am | lanka C news
කේරල ගංජා කිලෝ 203ක් අත්අඩංගුවට…

වවුනියාව ආඩියාපුලියන්කුලම් ප්‍රදේශයේදී රුපියල් මිලියන 20 කට වැඩි වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ ග්‍රෑම් 203 යි ග්‍රෑම් 265 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට පරයානන්කුලම් පොලීසිය පවසයි.

පරයානන්කුලම් පොලිස් නිලධාරීන් ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාල ලොරි රථය ධාවනය කරමින් සිටි මාර්ගයේ සෝදිසි වැටලීමක් කොට මෙම කෙර්ල ගංජා ජාවාරම අත්අඩංගුවට ගෙන ඇත.

අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනැවිත් මන්නාරම ප්‍රදේශයේ ජාවාරම්කරුවන්ගෙන් ලබා ගෙන දකුණට සහ උතුරට බෙදාහැරීම වෙනුවෙන් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම වැටලීම සිදු කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

36 views