කේරල ගංජා කිලෝ 300ක් සිව් දෙනෙකු අත්අඩංගුවට…

February 3, 2020 at 8:02 am | lanka C news
කේරල ගංජා කිලෝ 300ක් සිව් දෙනෙකු අත්අඩංගුවට…

යාපනය, පුංකුතිව් මුහුදු කලාපයේ දී ධීවර බෝට්ටුවකින් රුපියල් කෝටි තුනහමාරකට ආසන්න වටිනා කේරල ගංජා කිලෝ 300 ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් පුන්කුඩතිව් මුහුදු කලාපයේදී සිදුකල නිරීක්ෂණ චාරිකාවකදී සැකකටයුතු ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී එහි සඟවා රැගෙන එමින් තිබූ  කේරළ ගංජා තොගය සමඟ ගංජා ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනකු ප්‍රථමයෙන් අත්අඩංගුවට ගෙන ඔවුන් දෙදෙනාගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට යාපනය සංගුපිඩ්ඩි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවෙන් මෙම කේරළ ගංජා තොගය මිළදී ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති අතර ජාවාරම්කරුවන් භාවිතා කල ඩිංගි යාත්රා‍වද මීට ඉහතදී ධීවර කටයුතු සඳහා භාවිතා කළ ඩිංගි යාත්‍රාවක් බවබවට තොරතුරු අනාවරනය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෝ ඩිංගි යාත්‍රා  සහ කේරළ ගංජා තොගය ඇතුළු සැකකරුවන් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යාපනය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට බාරදීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

44 views
Main News