කේරල ගංජා කිලෝ 57 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු උතුරු මුහුදේදී අත්අඩංගුවට…

June 27, 2020 at 2:04 am | lanka C news
කේරල ගංජා කිලෝ 57 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු උතුරු මුහුදේදී  අත්අඩංගුවට…

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 57 ග්‍රෑම් 275 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු යාපනය කයිට්ස් දූපතේදී සිදුකල සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් හා වෙරලාරක්ෂක දෙපාරත්මේන්තුවෙන් නිලධාරීන්ගේද සහයෙන් පිරිසක් විසින් සිදු කල සෝදිසි වැටලීමකදී ඩිංගි යාත්‍රාවක් තුල පාර්සල් 24 ක අසුරණ ලද අදාල කේරල ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට නාවික නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු ගොඩබිමට රැගෙන ඒමට උත්සහ දරා ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33 ත් 39 ත් වයස්හි වන අතර ඔවුන් සහ කේරලගංජා හා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය කයිට්ස් පොලීසිය වෙතට භාරදීමට නාවික හමුදාව විසින් පයවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

115 views
Main News