කේරල ගංජා තොගයක් සමගින් අයෙක් අත්අඩංගුවට…

June 17, 2019 at 2:02 am | lanka C news
කේරල ගංජා තොගයක් සමගින් අයෙක් අත්අඩංගුවට…

මන්නාරම උදයපුරම් ප්‍රදේශයේදී කේරලගංජා කිලෝ 22 ග්‍රෑම් 100 ක් සමග සැකකාර තරුණයෙකු අත්අඩංගුවට ගත් බවට පේසාලෙයි පොලීසිය පවසයි.

පේසාලෙයි පොලීසියට ලද තොරතුරකට අනුව උදයපුරම් ප්‍රදේශයේ කැලෑවක සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී වලදමා තිබූ අදාල කේරලගංජා තොගය සොයාගෙන ඇත.

පසුව සිදුකරන ලද පරික්ෂණයකින් කේරල ගංජා තොගය වලදැමූ ස්ථානය ආසන්නයේ පදිංචි සැකකාර තරුණයෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට ගෙන එන්නට ඇති බවට සැකකරන්නේ යැයි පේසාලෙයි පොලීසිය වැඩි දුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21 views
Main News