කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට..

August 22, 2019 at 2:02 am | lanka C news
කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට..

යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ඒකාබද්දව සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 16 ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

උතුරු නාවික විධානය සහ යාපනය පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමකදී කැලෑ බද ප්‍රදේශයක පාර්සල් අටක් තුල අසුරා  තිබු මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇත.

අදාල කේරල ගංජා තොගය සැඟවූ සැකකරුවන් දෙදෙනෙකු සහ ඔවුන් ගමන්ගත් කැබ් රථයද අත්අඩංගුවට ගැනිමට නාවික හමුදාව පියවර ගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29 සහ 42 වන වියෙහි පසුවන මන්නාරම සහ වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

622 Viewers
Main News