කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට..

May 31, 2018 at 2:09 am | lanka C news
කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට..

මන්නාරම පොලිස් වසමේ මඩුතුඩුවාව හන්දියේ දී වැටලීමක් සිදු කර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 24 යි ග්‍රෑම් 180 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය කියා සිටියේය.

අත්අඩංගුවට ගත් ගංජා තොගයෙහි වටිනාකම රුපියල් ලක්ෂ 29 කට අධික වන අතර මන්නාරම් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින්  මෙම වැටලීම සිදු කර.

තිරුතේප්පු, පේසාලෛ පදිංචි වයස අවුරුදු 27 ක් වු මනෝජ් ඇන්තනී නැමති පුද්ගලයෙකු හා එම ප්‍රදේශයේම පදිංචි ජෙගනාදන් මෙලර්කුමාර් නැමති  වයස අවුරුදු 24 ක් වු තරුණයෙකු පොලීසිය විසින් කේරල ගංජ සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

20 views

One Comment to “කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට..”

  1. ජනිත says:

    වස දමා ඇත මේවාට… ඉන්දියාවේදීම….සොයා බලන්න කෙනෙක්ද නැත… ප්‍රතිඵල අවුරුදු 6-7 අතරේදී ලැබේ