කේරල ගංජ සමග අයෙක් අත්අඩංගුට…
November 4, 2017 at 2:12 am | lanka C news
වව්නියාව බස් නැවතුම්පලේදී කේරල රහසිගත අලෙවි කිරීමට ගෙනා ගංජා තොගයක් සමග සැකකරුවෙක් කේරල ගංජා කිලෝ 1 ග්‍රෑම් 600 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.
වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණයන් පරිදි විශේෂ කණ්ඩායමක් විසින් මෙම කේරල ගංජා ජාවාරම් කරු අත්අඩංගුවට ගෙන ඇත.
ජාවාරම් කරු පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ලැබුන බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් ගංජා මිලදී ගැනීමට යන මුවාවෙන් ගොස් මෙම ජවාරම් කරු අත්අඩංගුවට ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
අද වෙනකොට මුලු රටම ගන්ජා කුඩු වලින් වෙලා ගෙන ඉවරය්. අපේ ගමේ නම් පොලීසියට කිව්වට ඩීඅය්ජීට පෙත්සම් ගැහුවට වැඩක් නැහැ. පාදුක්ක- හොරණ පාර මලගල කියන ගම ගන්ජ ගුහාවක්. පොලීසියට කොච්චර කිව්වත් වැඩක් නැහැ.