කොකාවිල් දල ඇතාගේ ජීවිතය අවධානමේ….

July 30, 2018 at 8:02 am | lanka C news
කොකාවිල් දල ඇතාගේ ජීවිතය අවධානමේ….

කිලිනොච්චිය කොකාවිල් රක්ෂිතයේ දිවිගෙවන දැවන්ත දල ඇතා මේ දිනයන්හි ඒ-9 මාර්ගය අසල සැරිසැරීම නිසාවෙන් දල ඇතා දඩයම් කරුවන්ගේ ගොදුරක් විය හැකි බවට කොකාවිල් ප්‍රදේශවාසීන් පවසති.

මේ දනයන්හි පවතින අධික පෑවිල්ල හේතුවෙන් ජලය සොයා මෙම ඇතා කොකාවිල් රක්ෂිතයේ සිට ගම්වදින අතරම ඒ-9 ප්‍රධාන මාර්ගයේද සැරිසරයි.

දල ඇතාගේ දල ගැනීම සඳහා මානම් බලා සිටින දඩයක් කරුවන්ගේ ගොදුරක් විය හැකි බැවින් දල ඇතාගො ආරක්ෂාව පිළිබඳ කිලිනොච්චිය වනජීවි නිලධාරීන් පියවර ගත යතු බවටද ප්‍රදේශවාසීන් කියා සිටිති.

දල සහිත ඇතෙක බොහෝ කලකට පසුව ඉතා කලාතුරකින් කිලිනොච්චියේදී දැක ගැනමට අවස්ථාවක ඇති වුවද ඇතාගේ ජීවිතය දැඩි අවධානමක් ඇති හෙයින් අවධානමට පෙර සූදානම් විය යුතු බවටද කොකාවිල් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පෙන්වා දෙති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

68 views

3 Comments to “කොකාවිල් දල ඇතාගේ ජීවිතය අවධානමේ….”

  1. Razor says:

    තෙවරක් පෙරුමට (ට්‍රිප්ල් ඩිස්ටිල්) තව ජොබ් එකක්

  2. CAT says:

    කොකාවිල් ප්‍රදේශවාසීන් විසින් මේ ඇතා රැකීමට කටයුතු කලයුතුයි ආණ්ඩුව ගැන විශ්වාසයක් තැබිය නොහැක
    අපේ රටේ ජාතික සම්පතක් වූ අලි ඇතුන් ඇතුළු වන සතුන් ආරක්ශාකිරිම අපේ වගකීමක් යුතුකමක් …ඇතාගේ ජීවිතය අනතුරේ
    දැන් මේ ප්‍රවුත්තියෙන් පසු රට පුරාම සිටින මෙලෙච්චේද දඩයක් කරුවන්,දැනටමත් ඇතාගේ දල කපාගැනීමට උගුල් අටවනවා නොඅනුමානයි …වන සතුන්ට වතුර ලැබීමට සැලැස්වීම දැන් කල යුතු ප්‍රධාන පියවරයි
    අසරණ ඇතාගේ ජීවිතය බේරාගැනීමට මිනිසුනේ සහය දෙන්න ..
    සිරිසේන පරිසරබාර ඇමතිවූ දා සිට අලි ඇතුන් ගේ ජිවිත අනතුරේ

    • Somapala says:

      Why don’t you at least do that job, without slandering others and bull shitting?

Main News