කොකේන් කතාව රන්ජන්ගේ ලෝක කෙප්පයක්.. කොකේන් කමිටු වාර්තාව කියයි.. කෙලින්ම කුණු කූඩයට..
February 28, 2019 at 11:20 am | lanka C news
කොකේන් භාවිත කරන එ.ජා.ප. මන්ත්‍රිවරුන් කිසිවකුගේ නමක් රන්ජන් රාමනායක මහතා සඳහන් කර නොමැති නිසා ඊයේ (27දා) රැස්වූ එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අදාළ කොකේන් කමිටු වාර්තාව කුණු බක්කියට දමා තිබේ.
‘සිරිකොත’ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (27දා) පෙරවරු 10.00ට පමණ එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වූයේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී පක්ෂය ශක්තිමත් කිරීමට ගතයුතු ඉදිරි පියවර හා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
මේ අතරතුර රන්ජන් රාමනායක මහතා හෙළි කළ කොකේන් භාවිත කරන මැති ඇමැති කතාවට අදාළව පත්කළ කමිටුවේ වාර්තාව පිළිබඳවද සාකච්ඡා වී තිබේ.
එම වාර්තාවට අනුව එ.ජා.ප. මන්ත්‍රිවරුන් කිසිවකුට හෝ අදාළව චෝදනා නැති නිසා එම කමිටු වාර්තාව පිළිබඳ තවදුරටත් සාකච්ඡාවට භාජන කර නැත.
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කොකේන් පාවිච්චි කරන මැති ඇමැති කතාව ගොනුකර ඇත්තේ වෙබ් අඩවි, පුවත්පත් වාර්තා ආදිය පදනම් කරගෙන යැයිද එහිදී හෙළිවී ඇත.
ජනතා ආකර්ෂණයට පාත්රව සිටින රන්ජන් රාමනායක මහතාට කිසිවකු දෝෂාරෝපණය නොකළද කොකේන් පාවිච්චි කරන මැති ඇමැති කතා මෙලෙස මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම රටේ මතු පරපුරට නරක පූර්වාදර්ශයක් වන්නේ යැයිද එහිදී ඇතැම් අය පෙන්වාදී ඇත.
ඒ අනුව කොකේන්වලට අදාළව පත් කළ සිවු පුද්ගල කමිටු වාර්තාව තවදුරටත් මාතෘකාවක් කරගත යුතු නැති බවද එහිදී ප්‍රකාශ වී තිබේ.
– mawbima
ගජ මිතුරැ මහබැංකු අධපති අර්ජුන සහ බෑනට බැඳුන්කරෙන් හොරා කෑව කියලවෝදනා ආවහම ඒක වංචාවක්ද නැද්ද කියල හොයන්න රනිල් අගමැති ඔය කොකේන් වගේම කොමිටියක් දැම්මා මතකද? රනිල් ගෙ නීතිඥ කොමිසම කිසිම වංචාවක් නැහැ කියල හොරැන්ට සුදු හුනු ගෑවා.
දැන් ගොංජ මොකද, කියන්නේ?
this man is uneducated so he try get cheep popularity spreading gossip not knowing the backfire.
මොහුව හැඳින්වීමට සතුන්ගේ නම් භාවිතා කිරීම එම සතාට කරන අපහාසයක්. මේ මෝඩයාගේ කටට වහාම ඉබ්බෙක් දමනු. රනිල් මහතානෙනි ඔබටයි මේ ඉල්ලීම.
Not only this man… There are uneducated ministers deputy ministers and state ministers also MPs in our parliament. This man is a show box. He has very cheap vocabulary. He is an actor for the UNP. That was a real drama. Let him come for the next election.