කොකේන් කමිටුවේ සභාපති ලෙස පත් කලේ මමයි.. ඒත් මං ඉල්ලා අස්වුණා..- රවි

February 24, 2019 at 10:20 pm | lanka C news
කොකේන් කමිටුවේ සභාපති ලෙස පත් කලේ මමයි.. ඒත් මං ඉල්ලා අස්වුණා..- රවි

එජාප මැති ඇමතිවරුන් ගැන පරීක්‍ෂා කරන්නට පත් කර ඇති කොකේන් කමිටුවේ සභාපති ධුරය තමනට ලබා දීමට සැලසුම් කර තිබුනද තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වූ බව එජාප උපනායක රවි කරුණානායක මහතා පවසයි.

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ කවුදැයි නම් කල යුතු යයිද ඒ මහතා කියා සිටී.

එසේ නැතිව සිදු කරන ප‍්‍රකාශවලින් සිදුවන්නේ සියළු මන්ත‍්‍රීවරුන්ගේ නමට කැලලක් එක් වීම යයිද ඇමතිවරයා සදහන් කරයි.

ලාබාල ප‍්‍රකාශ සිදු කරමින් සියළු මන්ත‍්‍රීවරුන්ට අපහාස කිරීම තමන් හෙලා දකින බවද ඔහු කියා සිටියේය.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ අතර රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා සදහන් කර තිබුනේ කොකේන් කමිටුවට කොකේන් චෝදනා එල්ල වූ අයෙකු පත් කිරීමට සූදානමක් තිබුනද තම ඉල්ලීම මත අගමැතිවරයා ඔහු ඉවත් කල බවයි.

50 views
Main News