කොකේන් කාරයන් සිටින්නේ එජාපයේ පමණක් බව කොකේන් කමිටුවෙන්ම හෙලිවෙයි..
February 24, 2019 at 6:28 am | lanka C news
රාජ්‍ය අමාත්‍යය රන්ජන් රාමනායක මහතා චෝදනා කරන අකාරයට එක්බද්ධ විපක්ෂයේ කිසිදු මන්ත්‍රිවරයෙකු මත්ද්‍රව්‍යය භාවිතා නොකරන බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
ශ්‍රි ලංකා පාපන්දු ලිගය මගින් නාවලපිටිය ජාතික ක්‍රිඩාංගණයේ ආරම්භ කල පාපන්දු තරගාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් මන්ත්‍රිවරයා මාධ්‍යය හමුවේ අදහස් ප්‍රකාශ කරන ලදී.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු මහින්දා නන්ද අලුත්මගේ මහතා කියා සිටියේ රන්ජන් රාමනායක මහතාගේ චෝදනාවත් සමග එක්සත් ජාතික පක්ෂය මගින් පරික්ෂණයක් ආරම්භ කිරිම තුලින් තහවුරු වන්නේ කොකෙන් මත් ද්‍රව්‍යය භාවිතා කරන මන්ත්‍රිවරුන් සිටන්නේ එක්සත් ජාතික පක්ෂය තුල බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ