කොකේන් ගහනවාද නැද්ද කියන්න කිරිඇල්ලට දැනුමක් නෑ..- රන්ජන් කොකෙන් කමිටු සභාපතිට කොචොක් කරයි..

February 24, 2019 at 10:40 am | lanka C news
කොකේන් ගහනවාද නැද්ද කියන්න කිරිඇල්ලට දැනුමක් නෑ..- රන්ජන් කොකෙන් කමිටු සභාපතිට කොචොක් කරයි..

එක්සත් ජාතික පක්‍ෂ කොකේන් කමිටුවේ සභාපති ලෙස පත් කර තිබෙන ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කොකේන් ගහන්නේදැයි තීරණය කල නොහැකි බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

නිරි පර්යේෂනාගාර වාර්තාවත් මත වෛද්‍යවරයෙකුට පමණක් එය තීරණය කල හැකි බවද ඔහු පෙන්වා දෙයි.

‘මට හදවතින්ම කියන්න පුළුවන් මේ පාර්ලිමේන්තුව තුල කොකේන් පාවිච්චි කරන එකම මන්ත‍්‍රීවරයෙක් නෑ කියන එක’ යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර ලෙස රාමනායක මහතා සිට ෆේස්බුක් ගිණුමේ මේ බව සදහන් කර තිබේ.

65 views
Main News