කොකේන් ගෙනාවේ සතොසට.. රේගු නිලධාරීන් තිදෙනෙකු මාරු කරයි..
July 21, 2017 at 4:40 pm | lanka C news
රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාවට සීනි ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනරයක තිබී කොකේන් කිලෝ 218ක් සොයා ගැනීම සම්බන්ධයෙන් රේගු නිලධාරීන් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
අදාල කන්ටේනරය රේගුවෙන් නිදහස් වී ඇත්තේ ඔවුන් රාජකාරියේ සිටියදී නිසා මෙම ස්ථාන මාරුව ලබා දී තිබේ.
කෙසේ වෙතත් මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වගකිව යුතු මට්ටමේ පුද්ගලයෙකු මෙතෙක් හෙලිව නැත.