කොකේන් ලයිස්තුව රන්ජන් හෙලි කරයි.. ශ‍්‍රීලනිප 10යි.. එජාප 05යි.. විමල්ගේ පක්‍ෂයේ 02යි..

February 22, 2019 at 10:17 pm | lanka C news
කොකේන් ලයිස්තුව රන්ජන් හෙලි කරයි.. ශ‍්‍රීලනිප 10යි.. එජාප 05යි.. විමල්ගේ පක්‍ෂයේ 02යි..

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් ගණනාවක් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ යැයි එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා අද ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා නම් කරන ලද කමිටුව පෙනී සිටියේය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ මෙම කමිටුව සම්බන්ධයෙන් තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බවත් පොලිස් පරීක්‍ෂණවලට බාධාවක් නොවන ලෙස තම කරුණු දැක්වීම එහිදී කල බවත්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 12 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් 04-05ක්, විමල් විරවංශ මහතාගේ පක්ෂය 02ක් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන බව හෙළි කරගෙන ඇතැයිද රාජ්‍ය ඇමතිවරයා එහිදී පැවසීය.

98 views

3 Comments to “කොකේන් ලයිස්තුව රන්ජන් හෙලි කරයි.. ශ‍්‍රීලනිප 10යි.. එජාප 05යි.. විමල්ගේ පක්‍ෂයේ 02යි..”

  1. Ariyathilaka says:

    රටේ කිසිදු පුරවැසියකුට මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට අයිතියක් නැත. රටේ දේශසීමාව ඇතුළත කිසිදු පුද්ගලයකුට මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ළග තබා ගැනීම, ප්‍රවාහන ප්‍රවාහන කිරීම, විකිනීම, සහ ඒ සදහා අනුබල දීමට ද අයිතියක් නැත. යමෙක් මත්ද්‍රව්‍ය පිළිබඳ කියන ලද ආකාර වැරදි වලට සම්බන්ධ ද ඒ පුද්ගලයන්ගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුය. රටේ ඇමතිවරු, මන්ත්‍රීවරු, ආදී කවර තරාතිරමක කවරෙකු වුවද මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි කරන්නේ නම් ඔවුන් සම්බන්ධව නිතිය කළ යුතු වීමත් මහජන නියෝජිතයෙක් නම් රටට එළිදරව් කිරීම කළ යුක්තක්මය. මහජන නියෝජිතයන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් එය මත්ද්‍රව්‍ය මැඩලීමට ඉතා අපහසු වෙනවා ඇත. දේශපාලන හස්තයේ රැකවරණය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට ලැබීමට හේතුය; මෙය බරපතළ කාරණයක් ද වේ. රටත් ජාතියත් මහත් ව්‍යසනයට පත් කිරිමකි. රන්ජන් රාමනායක අමාත්‍යවරයා විසින් කළ ඇත්තේ ඉතා ප්‍රශංසනීය හෙළිදරව් කිරීමකි. ඇමතිවරන්, මන්ත්‍රීවරුන් කොකේන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් එය දැනගැනීමට ආරක්ෂක අංශ වලට හැකියාවක් නැත. සාමාන්‍ය ජනතාවට කොහෙත්ම බැරිය. මැති-ඇමැති වරුන් වරප්‍රසාද ලදවූවන් බැවිනි. මේ හෙළිදරව් කිරීමට යමෙක් විරුද්ධ නම් ඔහු දේශද්‍රෝහි, ජාති ද්‍රෝහී සමාජ විරෝධී, පුද්ගලයන් බව නොකියාම බැරිය. රන්ජන් රාමනායක අමාත්‍ය වරයා කුමන දේශපාලන මතයක් දැරුවත් ඔහුගේ එළිදරව් කිරීම විශිෂ්ට ය.

  2. Cpt Wadiwale says:

    We appreciate early Intervention of Deputy Minister and spotting signs of drug abuse by a hand full of honorable men at the house of Parliament over the past 3 yrs and it is critical that we don’t wait for them to become victims/addicted when it is too late to seek help for them. However, if these honorable men are addicted, certainly these drug abusers need access to treatment rather than jail time. It is important to involve medical professionals who have experience working with carefree substance abusers. It is very possible those honorable men need to find treatment for both depression and addiction. Police should encourage those honorable men to tell all of their health care providers about all of their symptoms and behaviors. There are many non-addictive drugs that can help these honorable men with depression or other mental health issues. Indeed, Mr. Sirisena and Mr. Duterte are in one accord that anybody who uses or is in possession of illegal things, be they drugs, guns or counterfeit money, is deemed a law offender and deserve gallows. As victims, these honorable men deserve your empathy today and treatment plan to get rid of their addiction through rehabilitation. Otherwise these honorable men will be classified as drug-addicts-of-Sri-Lankan-Politics. The Buddha taught that to realize enlightenment, a person must develop two qualities: wisdom and compassion.

  3. ගන්ජ බන්ඩා says:

    මත්කුඩු (ද්‍රව්‍ය) පාවිච්චි කරන මැති ඇමතිවරැ විස්සක් සහ ඇමතිලා පහක් ඉන්නවා කිව්ව රන්ජන් අද ගොන්ජ වෙලා වෙනත් කතාවක් කියනවා. ගොන්ජ අම්මට ඩිජිටලයට බයවෙලා.

Main News