කොකේන් සමග අත්අඩංගුවට ගත් නිලිය මෙන්න.. සියළු දෙනා රිමාන්ඩ්..

March 4, 2019 at 10:58 pm | lanka C news
කොකේන් සමග අත්අඩංගුවට ගත් නිලිය මෙන්න.. සියළු දෙනා රිමාන්ඩ්..

මාතර පොල්හේනේ හෝටලයක පැවති සාදයකදී කොකේන් ඇතුළු මත්ද‍්‍රව්‍ය භාවිත කර සිටියදී අත්අඩංගුවට ගන්නා ලද රංගන ශිල්පිනිය ඇතුළු 17 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 08 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මාතර කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුනේ කොකේන් හා තවත් මත් පෙති වර්ග කිහිපයක් සමගිනි.

අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනිය ශානිකා මධුවන්ති නම් ටෙලි නාට්‍ය නිලියකි.
මෙම සාදය ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සංවිධානය කරගෙන තිබූ බවද පොලිසිය කියයි.

235 views
Main News