කොග්ගල ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දමයි.. කොග්ගල, හබරාදූව, තල්පේ සංචරණ සීමා..

November 28, 2020 at 12:40 pm | lanka C news
කොග්ගල ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දමයි.. කොග්ගල, හබරාදූව, තල්පේ සංචරණ සීමා..

කොග්ගල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දැමීමට කටයුතු කර තිබේ.

සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ එහි සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

කර්මාන්ත ශාලාවක් දින දෙකක කාලයකට තාවකාලිකව වසා දමා ඇති අතර එහි සේවක සේවිකාවන් සියලු දෙනා නිවස් වල ස්වයං නිරෝධයට යොමුකර තිබේ.

ඔවුන් සඳහා කොරෝනා පරීක්ෂණ එන සදුදා දිනයේ සිදු කිරීමට නියමිතය.

එමෙන්ම කොග්ගල, හබරාදූව සහ තල්පේ ප්‍රදේශවල සංචරණ සීමා කරන ලෙසද සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටිති.

20,615 views

2 Comments to “කොග්ගල ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දමයි.. කොග්ගල, හබරාදූව, තල්පේ සංචරණ සීමා..”

  1. Rate minissu Balu duka windinawa. Methi emathin agamethi janapathi sepa windinawa. Ekek masaka padi pinata dunnada. Minissugen illanawa

  2. Love nature says:

    ඇඟලුම් කර්මාන්ත ශාලා වැඩියක් හරක් පට්ටි සමානයි මෙය නිවැරදි විය යුතුය

Main News