කොච්චිකඩේ පල්ලිය අසල තවත් පිපිරීමක්… බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීමේදී පුපුරයි….

April 22, 2019 at 4:36 pm | lanka C news
කොච්චිකඩේ පල්ලිය අසල තවත් පිපිරීමක්… බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීමේදී පුපුරයි….

කොච්චිකඩේ පල්ලියට ආසන්නයේ තවත් පිපිරීමක් මිට සුළු වේලාවකට පෙර සිදු වි ඇති බව වාර්තා වෙයි.

සැක සහිත වෑන් රථයක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කරමින් සිට ඇති බව වාර්තාකරු පවසයි.

මෙහිදී අවට ජනතාව ආරක්ෂක අංශ විසින් ඉවත් කර ඇති බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ජනතාව ඔහුට ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරී ඇත.

පසුව ඔහුව ජම්පටාර් වීදිය ඔස්සේ ඉදිරියට යමින් සිටිය දී වෑන් රථය නවතා තැබූ ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇත.

පිපිරීමෙන් සිදුව ඇති හානිය මෙතෙක් වාර්තා නොවන අතර, ජීවිත හානි සිදුව ඇත්දැයි තවමත් තහවුරු වී නොමැත

– Adaderana

311 views