කොටසක් සජිත්ට.. පලුවක් ගෝටාට.. ජනාධිපතිවරණය ගැන TNA සාකච්චා ගාලගෝට්ටික් මැද අවසන් වේ..

October 31, 2019 at 8:40 am | lanka C news
කොටසක් සජිත්ට.. පලුවක් ගෝටාට.. ජනාධිපතිවරණය ගැන TNA සාකච්චා ගාලගෝට්ටික් මැද අවසන් වේ..

එලඹෙන ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ තෝරාපත්කරගනු ලබන අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණයක් ගැනීම වෙනුවෙන් (30) සවස දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයින් ඇතුලු පිරිසක් යාපනයේදී රැස්වූ තීරණාත්මක රැස්වීම එකඟතාවයෙන් තොරව අවසන් වී ඇති බවට වාර්ථා වෙයි.

තැපල් ඡන්දයට පෙර දෙමළ ජනතාව වෙනුවෙන් ජනාධිපති අපේකෂකයා පිළිබඳව තීරණයක් ලබා දීමට අද සවස යාපනයේ පිහිටි පෞද්ගලික හොටලයකිදී දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයින් මෙසේ සාකච්ඡාවකට සහභාගී වී ඇත.

නමුත් සාකච්ඡාවට සහභාගී වූවන්ගේ පරස්පර යෝජනා හා තීරණ හේතුවෙන් එක් ජනාධිපති අපෙක්ෂකයෙකු වෙනුවෙන් අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් එම සාකච්ඡාව පසුවට කල් දමා ඇති අතර නැවත රැස්වෙන දිනයක්ද තීරණය කොට නොමැති බවට දෙමළ පක්ෂ වල සාමාජිකයින් පැවසූහ

පසුගියදා ජනාධිපති අපෙක්ෂකයින් සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා 13 ට අත්සන් තැබූ දෙමළ ජනතා පෙරමුණෙ නායක හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සහභාගී වී නොමැත.

මෙම සාකච්ඡාව වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරා , දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන්, ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී.ටී.සිද්ධාර්තන්, ටොලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්, ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන් ඇතුලු තවත් සිවිල් සංවිධාන නායකයින් පිරිසක් සහභාගී විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

49 views

11 Comments to “කොටසක් සජිත්ට.. පලුවක් ගෝටාට.. ජනාධිපතිවරණය ගැන TNA සාකච්චා ගාලගෝට්ටික් මැද අවසන් වේ..”

  1. nuwan says:

    මෙතන මුන් ඔක්කම සිංහලුන් මෝඩයට අන්දන්න හදන්නේ…සජිත් ට සහය දෙන්න බය ,,සිංහල චන්ද කැඩෙන නිසා …13 වෙනිදා වගේ සජිත්ට දෙන්න කියයි හොර රහසේ..එතකොට සිංහල චන්දත් සජිත් අරන් හොර රහසේ මුන්ගේ චන්දෙත් ගන්නවා කොහොමද ගේම…

    • Onlookers says:

      That is exactly their hidden motive .They want to secure Sinhala votes for Sajith ,by not saying directly that they would be supporting Sajith,as that would prevent Sinhala people voting Sajith as their demands are unjust and dangerous for the unitary status and sovereignty of the motherland. Do not get deceived by such tactics and act wisely.

    • Unptna says:

      Yes that is the plan…

    • Norata Eka says:

      ඔවුන් 2015දී කලෙත් ඒකමයි..

  2. ajith says:

    ඉතාමත් සූක්ෂම සැලැස්මක් අනුව කොලේ වහලා ජනතාව රවටලා උතුරේ සහ දකුණේ ඡන්ද ටික තමන්ගේ ගොඩට දාගන්න දැන් සැලසුම් කරමින් සිටිනවා.අවසානයේ දෙමල සන්ධානය සජිත් ප්‍රේමදාස මහත්තයට සහයෝගය දෙන බව අපි දන්නවා.

  3. perera says:

    මේ කුමන්ත්‍රණය ගැන මහින්ද මහතා ජනතාව දැනුවත් දිගින් දිගටම දැනුවත් කලයුතු වේ …මාද්‍ය ප්‍රකාශය මගීන් සහ රැස් වීම් වල ..සිංහල යණි නැගිටියු

  4. Vaasu says:

    වාසුගේ ගම් පොල්ල විඟ්නේෂ්වරන් කඩේ යනනේ වෙන කාටඳ?

  5. Modapala says:

    මුන්ගෙ ලබ්බෙන් නම් සජිත් ට දිනන්න බෑ.කීයද තියෙන්නෙ?ඒකත් උතුරු නැගෙන හිර විතරයි. ඒ ටික තියෙන්නෙ මුන්ගෙ ඔඩොක්කුවෙයැ.මිනිස්සු මුන් කියන අයටම දෙයිද?මුන්ගෙ කරුණු දහතුන මිනිස්සුන්ගෙ ඉල්ලීම් ද?

  6. Ilangeshwaram says:

    This is not true …

    They have decided to help Sajith , but UNP led alliance had told them not to declare this.

    They have a separate TV Chanels in Jaffna and the massage would be delivered to them on the precious night of the election.

    This is the truth .. I am a Tamil , but living with Sinhalese. We need to stop this double games .

    We also like to see Gota wins or we will have lot of issues within many groups.

  7. රන්බණ්ඩා says:

    රටට විනකැටූ උන් හැම එකාම දැන් එක පැත්තකට රොක් වෙලා.
    ඉඳින් සොබාදහම, මේ රටේ සිංහල බෞද්ධයින්ට ස්වර්ණමය අවස්ථාවක් දැන් ලබා දීලයි තියෙන්නෙ බොලව්.
    මෙදාපාර නම් ඔලමොට්ටල තීරණ නොගනිව්.
    1988 ඉඳන් මුළු රටම කාලා දාපු පරගැති කාලකණ්නි අගමැතියා විලිලජ්ජාවක් නැතිව ආයෙත් වතාවක් එල්ලිලා ඉන්නයි මාන බලන්නෙ.
    ඒ හින්දා, සිංහලුන් මේ වෙලාවේ සිංහයින් මෙන් තීරණය ගනිව්.
    කැණහිලුන් නොවව්.
    උස උන්ට සිකුරුටි දෙන මිටි උන්ට කම්කරු දෙන මී හරකකුට ආයෙත් නොරැවටෙව්.
    මුළු රටටම ආරක්ෂාවක් දෙන්න පුළුවන්, වෛරයෙන් උත්තර නොසොයන, පැහැදිලි වැඩපිළිවෙලක් ඇති මනුස්සයෙකු රටේ නායකයා බවට පත්කර ගනිව්.

  8. Anoosh says:

    TNA is trying to demand and take advantage our of this election. But UNF does not care if they support or not. Now it is time for Hon. Sampathan to resign before the election. Actually, he cannot speak or take any decision behalf of tamil people who are minority living in SL. Young people should give the opportunity to lead TNA.

Main News