කොටස් වෙලදපල කඩා වැටිලා.. ආර්ථිකය නැවතිලා.. පලමු දවසේම පාර්ලිමේන්තුවේ බහුතරය සොයන්න ඕනෑ..- කතානායක
November 8, 2018 at 6:22 am | lanka C news
කථානායක මාධ්‍යය අංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත එළැඹෙන නොවැම්බර් මස 14 වන දින පාර්ලිමේන්තුවේ න්යායපත්රය පිළිබඳව තීරණය කිරීම සඳහා 2018-11-07 දින පස්වරුවේ පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන හමුවක් කථානායක කාර්යාලයේ දී පැවැත්විණි.
එදින න්යායපත්රය පිළිබඳව රජයේ ස්ථාවරය වූයේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ගරු ජනාධිපතිතුමන්ගේ කැඳවීමේ නියෝගය සභාව වෙත කියවීමෙන් පසු දවසේ වැඩකටයුතු අවසන් කර එදිනට සභාව කල්තැබිය යුතු බවයි.
අනෙකුත් පක්ෂ නියෝජිතයන් එම මතයට ප්‍රතිවිරුද්ධ අදහසක් දැරූ අතර එම පාර්ශවය විසින් පෙන්වාදෙන ලද්දේ එදිනට නියමිත වැඩකටයුතුවලට අමතරව ස්ථාවර රජයක් පිළිබඳව බහුතරයේ මතය පාර්ලිමේන්තුව තුළ විමසා බැලිය යුතු බවයි.
දෙපාර්ශවයටම සවන්දුන් කථානායකවරයා ස්වකීය ස්ථාවරය ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ මන්ත්‍රීවරුන් 116 දෙනෙකු විසින් ලිඛිතව මින් පෙරද තමා වෙත ලබා දී ඇති පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට අනුව කටයුතු කරමින් එදිනම සාමාන්‍ය කටයුතු නිමවීමෙන් අනතුරුව ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට අති හැකියාව පිළිබඳව බහුතර මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැළසිය යුතු බවයි.
දැනට පවතින ව්‍යාකූල තත්වය හේතුවෙන් ජනිතව ඇති විදේශ ආයෝජන ක්ෂේත්රයෙහි හා කොටස් වෙළඳපොලහි බිඳවැටීම මෙන්ම ආර්ථිකයට සිදුවෙමින් පවතින අහිතකර බලපෑම් ද කඩිනමින් සමනය කර ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසනීය තත්වයක් එතුළින් ගොඩනගාගත හැකිවනු ඇතැයි කථානායකවරයා අවධාරණය කළේය.
– කථානායක මාධ්‍යය අංශය
Mr. Speaker, please take unbiased actions. Do not let yourself be bullied. The whole country is looking at you.
Do u think marasira took a unbiased decision by blatantly violating the constitution? Idiot.
Duka Thamai Ranjani 🙂
You rascal don’t you understand that the spineless speaker is being bullied by butterflies ?
I suggest you to learn politics. Or are you also a member of the aforesaid group ? 😁😁😁
Kada watenna arthikayak thiyenawada siye.
onna oka visuruwala danna, oka katanayaka nemei unp gottek
Mu ta puduma amaruwak ne hedila tiyenne
කතානායක මැරිල ඉපදිලා වගෙය්. තොත්ත බබා. කොටස් වෙළදපොල කඩා වැටුනෙ රනිල් අගමැති කමෙන් අස්කල දවසෙ ඉචලද? ලංකාවෙ ආර්තිකය කඩාගෙන වැටුනෙ රනිලගෙ සමනල කල්ලිය මහ බැංකුව හොරා කෑව දවසෙ ඉදලය්.
ඔබ තුමාගේ රෙද්ඩ්ත් බිම …කඩා වැටිලා…
හීන් බබා සීයා ට අතීතය අමතක වෙලා මහ බැංකුව ආර්ථික වශයෙන් ම කඩපු kale ඔබතුමා කොහෙද හිටියේ ලංකාවට අවාසි පිටරටට පිට රටට වාසි වෙන අත්සන් කරනකොට ඓ්ක නිසා ඉක්මනට ගොස් දොස්තර කෙනෙක් හමුවන්න.
රටට වැඩක් නැති තමන්ටත් වැඩක් නැති.