කොටහේන කතෝලික පල්ලියේ පිපිරිීමක්.. 10ක් මරුට.. 160ක් රෝහලේ[Photo]
April 21, 2019 at 10:00 am | lanka C news![කොටහේන කතෝලික පල්ලියේ පිපිරිීමක්.. 10ක් මරුට.. 160ක් රෝහලේ[Photo]](https://lankacnews.com/wp-content/uploads/2019/04/78998.jpg)
මීට ටික වේලාවකට පෙර කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික කතෝලික දෙවස්ථානය තුල පිපීරිමක් සිදුව තිබේ.
මෙම පිපිරීම හේතුවෙන් එහි සිටි 160ක පමන පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
තුවාල කරුවන් කොලඹ ජාතික රෝහලට ඇතුළ කර ඇත.
පල්ලියටද දැඩි අලාබ හානි සිදුව ඇති අතර වහලේ උළු විශාල ප්රමාණයක් බිම වැටී තිබේ.
අද පාස්කු ඉරිදා දිනයේ පල්ලිය තුල කතෝලික භක්තිකයන් විශාල පිරිසක් රැදී සිට ඇත.
පොලිසිය පවසන්නේ මෙය සැලකිය යුතු ප්රබලක්වයෙන් යුතු පිපිරීමක් බවයි. පොලිස් පරීක්ෂණ ක්රියාත්මක කර ඇත.
කටාන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේද ප්රබල පිපිරීමක් සිදුව ඇත.
මෙම දේවස්ථානවලට එල්ල වී ඇති ප්රහාරවලින් 10ක පමණ පිරිසක් මිය ගොස් ඇති බව නිල නොවන වාර්තා කියා සිටී.
me rata mangalage kiyalla hithana eka danwat nawathan wey MS ta
Suspect, that’s OK. But do not come to conclusions. We can not Judge. Do not comment pointing out fingers to anyone. Don’t spread rumors. Let’s wait and see. Officials are there to investigate and then they will let the citizens know who is/are involved.
God bless you!