කොට්ටරාමුල්ල උණුසුම්.. 22ක් අත්අඩංගුවේ..

May 15, 2019 at 12:03 am | lanka C news
කොට්ටරාමුල්ල උණුසුම්.. 22ක් අත්අඩංගුවේ..

– lankadeepa

කොස්වත්ත කොට්ටරාමුල්ල මොරකැලේ ප්‍රදේශයේදී ඊයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට සැකපිට පුද්ගලයන් 22 දෙදෙනෙකු අද (14) අත්අඩංගුවට ගැනීමත් සමඟ කොස්වත්ත ප්‍රදේශයේ උණුසුම්කාරී තත්වයක් ඇති වූ බව පොලිසිය කියයි.

එම ගැටුමෙන් කැපුම් තුවාල ලබා පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බවද පොලිසිය සඳහන් කළේය.

මෙම ගැටුමෙන් මියගොස් ඇත්තේ කොටරාමුල්ල මොරකැලේ පදිංචි මොහමඩ් සාලි ෆවුසුල් අමීරි නැමැති 50 හැවිරිදි සිව්දරු පියෙකු වන අතර තුවාල ලබා ඇත්තේ මොරකැලේ පදිංචි විශ්‍රාමික හමුදා සමාජිකයෙකු වූ සුසේ හේවගේ ගුණසිංහ නැමැති 54 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කළේය.

ගැටුම හේතුවෙන ප්‍රදේශයේ නිවාස 6 කට පමණ හානි සිදුව ඇති බවත් පොලිසිය කියයි.

ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයන් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොස්වත්ත පොලිසිය විසින් පියවර ගෙන ඇති අතර එයට විරෝධය දක්වා ස්වාමීන් වහන්සේලා ඇතුලු විශාල පිරිසක් කොස්වත්ත පොලිසිය වටකර විරෝධතවක් ආරම්භ කර තිබේ.

කොස්වත්ත පොලිසිය ආසන්නයේ පොලිස් කැරළි මර්ධන ඒකකය සහ විශේෂ කාර්ය බලකා සාමාජිකයින් යොදවා ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

– lankadeepa

128,824 Viewers

9 Comments to “කොට්ටරාමුල්ල උණුසුම්.. 22ක් අත්අඩංගුවේ..”

  1. මාතුපාල says:

    මෙය වහාම පාලනය කලයුතු ඉතා බරපතල තත්ත්වයකි.
    එසේ නොවුනහොත් වෛරසයක්මෙන් රටපුරා ක්ෂණිකව පැතිර යනු ඇත.

    ජනාධිපතිතුමනි, ඔබගේ චීන සංචාරය කල්දමා වහාම ආපසු පැමිනෙන්න!

  2. Sam Fernando says:

    All dollar paid mobs must be shot on sight. Security forces, take stern action. Save my country.

  3. Eye says:

    මෙවා දකිනකොට ඇහැනකොට දේශපාලුවෝ සතුටෙන් ඉපිලෙයි .

  4. ජාතිවාදියා says:

    මේ රටේ ත්‍රස්තවාදින් ඉන්නේ පාර්ලිමේන්තුවේ මුන්ටික ඉවරකරානම් මේ රටට සෞභාග්‍ය උදාවනු ඇත. ඔවුන් සිටිනතාක් මේ රට අගාධයටම යනු ඇත. ඔබ තීරණය කරන්න අහිංසක මිනිස්සුන්ටද ගහන්නේ මෙම ත්‍රස්තවාදින්ටද ගහන්නේ කියලා

  5. sathya says:

    Take the best steps to stop this from the beginning.

  6. gamarala says:

    වැරදි නුගත් දුබල නායකයන් පත් කර ගැනීමේ වරද දැන් ඉතින් විදපල්ලා

  7. danuskha says:

    අපේ ආදරණීය රට වැසියන්ගෙන් ඉතාමත් බැගැපත්ව ඉල්ලන්නේ අපේ මේ පුංචි සුන්දර රට නැවතත් 83 වගේ ලේ විලක් කරන්න එපා, නැවතත් ජාත්‍යන්‍තරේන් කොන්වෙලා හුදකලා වෙලා සම්බාධක දාගන්න එපා. අපේ අනාගත පරම්පරාවට විඳවන්න දෙන්න එපා

Main News