කොට්ටාශ ක‍්‍රමය අකුලාගනී.. පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමයටමයි..

March 15, 2018 at 4:40 pm | lanka C news
කොට්ටාශ ක‍්‍රමය අකුලාගනී.. පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමයටමයි..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය කලින් පැවති මනාප ක්‍රමයටම පැවැත්වීමට වැඩි ඉඩක් ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මීට හේතුව වී ඇත්තේ නව ක්‍රමය යටතේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී සභිකයන් පත්කිරීමේදී හා සභා පිහිටුවීමේදී ඇතිව තිබෙන ගැටලු සහගත තත්වය නිසා පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට පැවැත්විය යුතු යයි ආණ්ඩුවේම දේශපාලන පක්ෂ ඛිහිපයක්ම කර ඇති ඉල්ලීමයි.

කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය 50%ක් කේවල ක්‍රමයට හා 50%ක් සමානුපාතික ක්‍රමයට සභාකයන් පත් කල යුතු බවට යෝජනා කර කරමින් පළාත් සභා සීමා නිර්ණ පනත එළැඹෙන 22 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාද සම්මත කර ගැනීමටද නියමිතය.

98 views

4 Comments to “කොට්ටාශ ක‍්‍රමය අකුලාගනී.. පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමයටමයි..”

  1. rathne says:

    Any change can be done for election system but majority votes who are loving Sri Lanka can’t be changed.

    • KADUWELA SILWA says:

      යෝජිත පලාත් සභා චන්ද ක්‍රමය අනුව 50%ක් ආසන මට්ටමින් නියෝජිතයින් පත් විමට නියමිතය.50%ක් අනුපාත ක්‍රමයටය. ඒ අනුව කොලඹ දිස්ත්‍රික්කය සදහා යෝජිත ආසන මෙසේය.
      1.කොටහේන,2.ග්‍රැන්ඩ්පාස්,3.මාලිගාවත්ත, 4.බොරෑල්ල,5.කොලොන්නව(නෑ), 6.කොලොන්නාව(බ ), 7.කඩුවෙල, 8.අතුරුගිරිය, 9.හංවැල්ල, 10.අවිස්සාවේල්ල, 11.හෝමාගම, 12.කොට්ටාව, 13.මහරගම, 14.කෝට්ටේ, 15.බම්බලපිටිය, 16.දෙහිවල, 17.රත්මලාන, 18.බොරලැස්ගමුව, 19.කැස්බෑව, 20.මොරටුව. වේ.(බත්තරමුල්ල නගරය අයත්වන්නේ කොට්ටේ ආසනයටය )

  2. piyasena says:

    කොට්ටාශ සහ සමානුපාතික ක්‍රමය ඉතා හොඳයි .පළාත් පාලන ආයතන පනත වෙනස් කල යුතු තැන් පමණක් වෙනස් කලකල යුතුය.

    1) 5% අවම සීමාව නැවත සක්‍රිය කිරීම
    2)ජයගන්නා පක්ෂයට හෝ කණ්ඩායමට බෝනස් ආසන 2 ක නැවත පිරි නැමිය යුතුයි
    3)70 % – 30% ප්‍රතිශත වලට නැවත ගෙන ගොස් 60% – 40% ප්‍රතිශත අවලංගු කල යුතුයි (මන්ත්‍රී දුර 2500 පමණ අඩුවේ )
    4)ආයතනයේ වැඩිම චන්ද ප්‍රමාණය ගන්නා පක්ෂයට හෝ කණ්ඩායමට සභාපති /උපසභාපති පත් කීරීමට බලතල නැවත ලබාදිය යුතුයි
    5)සමානුපාතික ක්‍රමයට ආසන ගණන් බැලීමේදී අඩු වන ආසන ප්‍රමානය පමණක් අලුතින් එකතු කල යුතුයි.(කොට්ටාශ එක් පක්ෂයක් වැඩිපුර ජයග්‍රහණය කලවිට )

    පරණ ක්‍රමයට නැවත යන්න හදන්නේ පරාජිත පක්ෂයි .චන්ද ක්‍රමය නාඩගම් මඩුවක් කිරීමට මේ අයට ඉඩ දිය යුතු නැත .

  3. Niran says:

    Fully agree with above. Change to 70: 40 is a must. The party winning the highest number of electorates should get 2 bonus seats. A reasonable cutoff percentage 4-5% should be there. Those who lost the deposits in LG elections getting elected was a joke. For heaven sake don’t get back to the old PR system which promotes corruption and violence.

Main News