කොට්ටේ නිකායේ සංඝ සභාවත් අලුත් ව්‍යවස්තාවට පයින් ගහයි.. බෙල්ලන්විල හිමිගෙන් ප‍්‍රබල ප‍්‍රහාරයක්..

October 23, 2017 at 9:20 am | lanka C news
කොට්ටේ නිකායේ සංඝ සභාවත් අලුත් ව්‍යවස්තාවට පයින් ගහයි.. බෙල්ලන්විල හිමිගෙන් ප‍්‍රබල ප‍්‍රහාරයක්..

කිසිදු ලෙසකින් අලුත් ව්‍යවස්ථාවක් මේ මොහොතේ රටට උවමනා නැති බවත් ඊට වඩා විසදිය යුතු ප‍්‍රශ්න අද රටේ ඇති බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාව තීරණය කර ඇත.

එම පාර්ශවයේ අනු නායක බෙල්ලන්විල විමලරතන හිමියෝ සදහන් කරන්නේ සංඝ සභාව විසින් ගත් මෙම ඒකමතික තීරණයට මහා නායක හිමියන්ද අනුමැතිය දෙනු ඇති බවයි.

දැනට ඉදිරිපත් වී ඇත්තේ කෙටුම්පතක්වත් හෝ පනතක් නොවන බව දන්නා නමුත් ඉදිරිපත් වී ඇති යෝජනා මාලාව මත පිහිටා ඉදිරි කටයුතු සිදුවීමට ඉඩ ඇති බවත්ය.

මෙම යෝජනා කොටුම්පතක් හෝ පනතක් වීමට පෙර තම අදහස් පළ කරනු ලැබුවේ ඒවා සලකා බැලීමට යයිද පවන උන් වහන්සේ මේ මොහොතේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම කාලෝචිත නැති බවද සදහන් කරයි.

40 views

6 Comments to “කොට්ටේ නිකායේ සංඝ සභාවත් අලුත් ව්‍යවස්තාවට පයින් ගහයි.. බෙල්ලන්විල හිමිගෙන් ප‍්‍රබල ප‍්‍රහාරයක්..”

  1. Sirisena Yatawara says:

    ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 (1) සෑම කෙටුම්පතක්ම (Bills) පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරිමට යටත් පිරිසෙන් දවස් දාහතරකට 14 පෙර ගැසට් පත්‍රයේ පල කල යුතුය,
    ඉහත එසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා ඇත්තේ ඕනම පනත් කෙටුම්පතක් (Bills) පාර්ලිමේන්තුවේ සම්මත කොට කථානායකවරයා සහතික කල පසු එය මේ රටේ නීතියක් බවට පත්වෙන බැවිනි,
    එම නිසා පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමේන් පුරවැසියකුට තම මූලික අයිතිවාසිකම් කඩ වන්නේ නම් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට එය නීතියක් බවට පත්විම වැලැක්වීමට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරිමට යටත් පිරිසෙන් දවස් දාහතරකට 14 පෙර ගැසට් පත්‍රයේ පල කල යුතුය යන්න නීතිගත කොට ඇත.
    1988 අංක 2 දරන පලාත් සභ පනතේ 13 කොටස සංශෝධනය කිරීමට යෝජනා කරමින් ඒ අනුව පසුගිය ජූලි මස 26 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රයක් ප්‍රසිද්ධියට පත් කරන ලදි. ඒ ” පලාත් සභා මැතිවරණයේදි කාන්තා නියෝජනය 30% දක්වා වැඩි කිරිම” යන ලුහුඩු නාමය යටතේ පිටු 3 කින් යුත් නීති 2 ක් පලාත් සභා පනතේ සංශෝධනය කිරිම සඳහා පමණි.
    එහෙත් කමිටු අවස්ථාවේදි මූලික කෙටුම්පතට සම්පූර්ණයෙන්ම වෙනස් සංශෝධනයන් 22 ක් ප්‍රමාණයක් පිටු 32 කින් යුක්තව එක් කරන ලදි.
    මේ ආකාරයෙන්ම ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒමට පාර්ලිමේන්තුවේ කථානායකවරයා කටයුතු කරමින් සිටි.
    ගරුතර මා නාහිමිවරුන් ජනතාවවෙනුවෙන් ඉදිරිපත් වීම ඉතාම වැදගත්, ඔබ වහන්සේලාට මතු බුදු වේවා.

  2. asaranaya says:

    බන්ඩාරනායක -චෙල්වනායගම් ගිවසුමට වුනාවගෙ, ,මේ කෙටුම්පත හෝ පනත හෝ ඉරා විසිකරනතුරු සටන අත්හරින්න එපා හාමුදුරුවනෙ, එදා අතිතයේ වුනාසේ හාමුදුරුවන් වහන්සේලා එකමුතුවී සාම්කාමි උපවාසයක් අරඹන්න. ජඩපති මන්දිරය ඉදිරිපිට, මහ ජනතාවටත් එකතුවන්න ආරාධනාකරන්න, ප්‍රවේසමෙන් දේශපාලන ක්‍රියාකාරින් රැස්කරවා ගන්න එපා.
    Our Grate Rev. Bellanwila Haamudhuwane you take the leadership and act wisely, we join you hands in hands simultaneously

  3. Sampat says:

    Ow me ekkenkwath yuddeta daruwo pujakarapu Aya nemei. Pansalaata wela pinbath gila gila. Maricha kollange oansukuleta ghin eken jeewath wecha Aya. Jon kothlawala kiwwa wage thateta that’s dala pare hitawala tiyanna on I. Me pin bathala nusa thamai ape rata me thathweta watune. Upathin kristiyan Ravi karunanayaka Horakan karala amathi Kama nathi unama eka katolika pujakayek awe nha nul badinna. Ape hamuduruwaru giya nul badinna

  4. Saumya says:

    Budhuhaamudhuruwoth ratak jaathiyak gena kathaa kalaadha?
    Ethumaa sinhala baudhdhadha?

  5. Open mind says:

    බුදු හාමුදුරුවන් ගේ ධර්මය නිකාය වලට ගෝත්‍ර වලට බෙදාගෙන වළඳන්නේ නැතිව සමස්ත ලෝක වාසීන්ට ම යහපතක් වන සේ කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවය යි.

Main News