කොට්ඨාශ ක‍්‍රමයට ඡන්දය තිවුවොත් ලේ වැගිරීමක් එනවා සත්තයි.. අම්මපා.. – ජවිපෙ බයබීත වී පැරණි ක‍්‍රමයම ඉල්ලා අගමැති පස්සේ..

December 10, 2016 at 3:00 pm | lanka C news
කොට්ඨාශ ක‍්‍රමයට ඡන්දය තිවුවොත් ලේ වැගිරීමක් එනවා සත්තයි.. අම්මපා.. – ජවිපෙ බයබීත වී පැරණි ක‍්‍රමයම ඉල්ලා අගමැති පස්සේ..

කොට්ඨාශ ක‍්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ලේ වැගිරීමක් සිදුවන බවට ජනතා විමුක්ති පෙරමුණ අනතුරු අගවයි.

එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පවසන්නේ කොට්ඨාශ ක‍්‍රමය යටතේ පවත්වන මැතිවණයට තම පක්‍ෂ තරග නොකරන බවයි.

මෙම පළාත් පාලන මැතිවරණය පමණක් පැරණි ක‍්‍රමය යටතේ පැවැත්විය යුතු බවත් ඒ සදහා තමන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් ජවිපෙ නායකයා වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් මීට කලකට පෙර නම් ජවිපෙ එකල සිටි නායකයන් කීවේ මැතිවරණ ක‍්‍රමය කුමක් වුවද ඒ කිසි ක‍්‍රමයක් ගෙන එන්නේ ජවිපෙට වාසි සලසන්නට නොවන නිසා ඕනෑම ක‍්‍රමයක් යටතේ තරග වදින්නට සූදානම් බවයි. එහෙත් අද වන විට පැරණි ක‍්‍රමයම ඉල්ලා ජවිපෙ නායකයන් ධනපති පක්‍ෂ නායකයින් පසුවස වැද වැටෙන සෙයක් පෙනේ.

50 views
Main News