කොට්ඨාස අනුව පොහොට්ටුව දින්නනේ මෙහෙමයි.. උදාහරණය ටොයි රැජින හිලරි පරදා ට්රම්ප් ජයැනීමයි.. ට්රම්ප් 46%යි හිලරි 48%යි..
December 15, 2017 at 10:14 pm | lanka C news
නව පලාත් පාලන මැතිවරණ ක්රමයට ලංකාවම මැතිවරණ බල ප්රදේශ 5088 කට කොට්ඨාස අනුව බෙදා ඇත. ඒ අනුව කොට්ඨාස මට්ටමින් සභිකයින් 5088 පත්වීමට නියමිතය, එක් එක් කොට්ඨාස කිහිපයක් එක්ව පලාත් පාලන ආයතනයක් සැදෙන අතර ඒ අනුව දිවයිනේ පුංචි ආණ්ඩු 341 ක් පිහිටුවනු ඇත.
ඊට අමතරව එම පලාත් පාලන ආයතනයකන් සඳහා එක් එක් පක්ෂවලින් ලබාගත් ඡන්ද ප්රතිශතය අනුව ඉහත කොට්ඨාස සභික 5088 අමතරව තවත් සීයයට 40% මන්ත්රී ධූරයන් පිරවේ. ඒ අනුව සමස්ථ සභිකයින් ගනන දිවයින පුරා 8336 කි.
උදාහරණයක් ලෙස: දඹුල්ල මහ නගර සභාව කොට්ඨාස 12 සඳහා එක් බහු ආසනයක් සහිතව මන්ත්රීවරු 13 දෙනෙකු පත්වේ, ඉතිරිය 9 ඒ ඒ පක්ෂ ගත් ඡන්ද අනුපාතයටයි. පසුගිය පලාත් පාලන මැතිවරණයේ දි දඹුල්ල මහා නගර සභාවේ ප්රතිඵලය මෙසේය, මහින්ද ජනාධිපතිවරයා ප්රමුඛව සංධානය සීයයට 62 % ක් ලබාගෙන ඇත. රනිල් ප්රමුඛව එජාප සීයයට 31% ක් ද ස්වාධීන කණ්ඩායමක් සීයයට 4% ක් ද, ජවිපෙ සීයයට 2% ක් ද ලබාගෙන ඇත.
එහිදි අප විසින් සංසන්දනය කෙලේ යුද්ධය අවසන් කොට මහින්ද රාජපක්ෂ ඉතා බලවත්ව ආණ්ඩුවක් ලෙස ලබා ගත් සීයයට 62% කට එරෙහිව එවකට රනිල් ප්රමුඛව පොදු විපක්ෂය සීයයට 37% ක් ලබා ගැනිමයි. එහෙත් අද බොහෝ පලාත් පාලන ආයතනයකන් වල සමස්ථ ආණ්ඩුවට සීයයට 50 % ඉක්මවා යෑමට නොහැකිය. Link
ඉදිරි පලාත් පාලන මැතිවරණයේ දි ආණ්ඩුවේ පාර්ශවයන් නියෝජනය කරමින් අගමැති රනිල් වික්රමසිංහ ප්රමුඛව හකීම්, රිෂාඩ්, දිගම්බරම්, මනෝ ගනේෂන්, රධාක්රිෂ්ණන්, මෙන්ම රාජිත, චම්පික ඇතුළු පක්ෂ ගනනාවක්ම අලියා ලකුණින් තරග වදි. ඒ අනුව එක් කොට්ඨාසයක ඡන්ද 100 ක් තිබේනම් ඔහුන් එයින් ඡන්ද 38 ක් ඔහුන් ලබා ගත් සේ උපකල්පනය කරමු.
ආණ්ඩුවේ අනිකුත් පාර්ශවය ජනාධිපති මෛත්රී ප්රමුඛව ශ්රිලනිප තවත් 10 ක් ලබා ගත්තා සේ උපකල්පනය කලොත් එකතුව ආණ්ඩුවට සීයයට 48% කි.
ජනතා විමුක්ති පෙරමුණ ද මේ ආණ්ඩුවේ පාර්ශවයක් ලෙස සිටි බැවින් ඔහුන් සුපුරුදු පරිදි ඉන් ඡන්ද 5 කුත් සේ උපකල්පනය කලොත් ආණ්ඩුවේ ප්රතිශතය සීයයට 53% දක්වා ඉහළ නගි. දෙමළ සංධානනය ද නිල විපක්ෂය වුවත් ආණ්ඩුවේ පාර්ශවයක් ලෙස පිලිගැනේ ඒ අනුව ඔහුන් ලබා ගන්නා සීයයට 5% ප්රමාණයද ආණ්ඩුවට එකතු කල විට සමස්ථ ආණ්ඩුවට පක්ෂ ඡන්ද එකතුව සීයයට 58%කි.
සමස්ථ ආණ්ඩුවට එරෙහිව සිටින විපක්ෂය ලෙස මහින්ද පාර්ශවය අඩුම වශයෙන් සීයයට 42% ලබා ගත්තොත් ඒ අනුව විශාල වැඩි කොට්ඨාස ප්රමාණයක් මහින්දගේ කණ්ඩායමට පහසුවෙන් දිනීමට හැකිය.
ඉහත ප්රතිඵලය අනුව ඊට හොඳම උදාහරණය වනුයේ: ඇමරිකාවේ ජනාධිපතිවරණයේ දි හිලරි ක්ලින්ටන් ආණ්ඩුව එක්ව සමස්ථ ඡන්දයේ වැඩි ප්රතිශතයක් දිනුවත් එනම් ඩොනල්ඩ් ට්රම්ප් ගත් ඡන්ද මිලියන 62 ක (46%) වඩා හිලරි ක්ලින්ටන් ඡන්ද මිලියන 3 ක් වැඩිපුර මිලියන 65 (48%) ලබා ගත්තත් කොට්ඨාස අනුව බහුතර කොට්ඨාස ප්රමාණයක් ට්රම්ප් දිනු නිසා සමස්ථ ඇමරිකාවේ පාලනය ට්රම්ප්ට හිමි වුවා සේ කොට්ඨාස 5088 සීයයට 80 % පමණ ඉතා අඩු සුලුතරයකින් වුව මෙම විකුර්ති ඡන්ද ක්රමයේ වාසිය සහ ජයග්රහණය හිමිකර ගැනීමේ හැකියාවක් මහින්ද ප්රමුඛව පොදු විපක්ෂයට හිමි වීම ඇත. Link
ඇමරිකානු ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන්ට සහාය පල කිරීම සදහා ශ්රි ලංකා ආණ්ඩුවේ ප්රබල ඇමතිවරුන් ඇතුළු පිරිසක් පිටත් කර යැවුනු අතර මෙරට ඉහල නායයකවන් පවා වේදිකාවන්හි කියා සිටියේ ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් ජයගනු ඇති බවයි.
– FB
අනිවාර්යයෙන්ම සීයයට 42% ක් නෙවි මහින්දගේ පොදු විපක්ෂය සීයයට 50% ඉක්මවනවා සිකුරියි. හැමතැනම ආණ්ඩුවේ සියලුම පාර්ශවයන් හොඳටම පිරිහිලා, ඒ හැමදෙනාම එක්ව සීයයට 45% ට අඩුවෙන් තමයි ගන්නේ,
මොනවාද ඔට්ටු ජේවිපි එක වගේම මෛත්රීගේ ශ්රිලනිප රටේ එක කොට්ඨාසයක්වත් දිනන්නේ නැහ, සමහර කොට්ඨාසවල 4 වෙනි ස්ථානයට වැටෙනවා.
ඔව් ඔව් මැතිවරණයෙන් පස්සෙ මහින්දට රට බාරදීල මුන්ට යන්න වෙනවා. එකෙක්ටවත් යහතින් යන්න දෙන්න නරකයි ඔක්කොම දාන්න ඕන හිරේ.
කොට්ඨාස ක්රමයට රනිල් මෛත්රී ප්රමුඛව ආණ්ඩුව හාන්සියි.
hithe dukata liyawena me wage lipi gena api kalabala wiya yuthu netha.
(me pala weida nadanimi)
මේ ක්රමයට ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලන් කනවා. මොනවා ද ඔට්ටුව ලංකාවේ එකම කොට්ඨාසයක්වත් ජේවිපී එක දිනන්නේ නැහ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දෙන දෙවියෝ ගෙටම ගෙනත් දෙනවා.
Mahinda is the greatest president in Sri Lanka. Trump is great too
විකුර්ති ජනමතයක් වුවත් මෙම ක්රමය තුල පිලිබිබු වෙලා, මෙම මැතිවරණයෙන් වී යහපාලක නඩේටම කෙල වෙනවා.
මේ පාර මෛත්රීත් ඉවරයි. අලියාත් ඉවරයි සීනුවත් ඉවරයි. දැනටම පොහොට්ටුව සිංහල බහුතරයක් සිටින ලංකාවේ කොට්ඨාස 5088 න් 3890 ක්ම දිනලා. දෙමළ මුස්ලිම් ඉතිරි 1200 දිනනවා, ඒත් උතුරු නැගෙනහිරින් සහ නුවරඑළියේන් .
Mahinda mahaththaya 55~65% athara athi bahitharayak nagara saha pradeshiya sabawala gannaw. Anika mahinda mahaththaya, wimal, prasannala haima wedikawakama katha karahama aniwa dinanawa.
This noice only for limited period until we give our vote, KEPPAYA’s end and YAMAPALANA wiled rules end
hac hac hac meka thama mahinda mahaththaya innala anthima chande, prathipala dekala mahinda mahaththaya penson yanawa sikurui
හාල් පොල් පිටරටින් ගෙන්වීමට සිදුවී ඇත්තේ සිරිමාවෝගේ ප්රජා අයිතිය අහිමි කරපු සාපය දැන් ක්රියාත්මක හෙයිනි….රණවිරුවන් සිරගත කරන සාපය කවදා කෙසේ එයිද?