කොටින්ගේ ආයුධ සොයා කිලිනොච්චියේ පොළව හාරයි…

May 5, 2018 at 2:02 am | lanka C news
කොටින්ගේ ආයුධ සොයා කිලිනොච්චියේ පොළව හාරයි…

කිලිනොච්චිය අරවියල්නගර් ප්‍රදේශයේදී යුද සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ආයුධ තොගයක් වලදමා ඇති බවට වූ සැකයක් හේතුවෙන් පොළව කැනීම් කටයුතු සිදු කලද මෙතෙක් කිසිවක් හමු නොවූ බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.

කිලිනොච්චිය පොලීසිය සාමාන්‍ය වැසියෙකුගෙන් ලැබුනු තොරතුරකට අනුව කිලිනොච්චිය අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකින් අරවියල් නගර් ප්‍රදේශයේ ග්‍රමාසේවක නිලධාරීන් ඉදිරියේදී පස් කපන යන්ත්‍රයක් ආධාරයෙන් මෙසේ පොළව කැනීම සිදු කරනු ලැබීය.

පසුගිය මාසයේදීද මෙම ස්ථානට ආසන්නයේ කැනීම් සිදු කළද කිසිවක් හමු නොවීම හේතුවෙන් අදාල කැනීම සිදු කල ස්ථානයට ආසන්නයේ මෙම කැනීම සිදු කලද කිසිදු යුද උපකරණයක් හමු නොවූ බවට කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

20 views
Main News