කොටින්ගේ භූගත අවි බංකරයක්.. ආයුද රැසක් සොයාගනී..
June 8, 2018 at 5:30 pm | lanka C news
කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ පිහිටි අතහැරදැමූ නිවසක් ආසන්නයේ පිහිටි කොටි සංවිධානය විසින් බාවිතා කරන ලද භූගත අවි බංකරයක තිබී ආයුධ රැසක් හමු වූ බවට කිලිනොච්චිය පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් කියා සිටියහ.
පුලියන් පොක්කනෙයි ප්‍රදේශයේ පිහිටි අතහැර දැමූ නවසක තිබූ වැසිකිලි වලක් බවට සැකකෙරෙන ස්ථානයක් පිළිබඳව ප්‍රදේශයේ ගවයින් බැලීමට ගිය පිරිසකට හමු වී එය පරික්ෂා කිරීමේදී එය තුල ආයද දැකීමෙන් කිලිනොච්චිය පොලීසිය මේ බව දැන්වීය.
අනතුරුව පොලීසිය විසින් පොලිස් විශේෂ කාර්ය බලකායට දැනුම් දී කිලිනොච්චිය අධිකරණ නියෝගයකට අනුව අදාල ස්ථානය පරික්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගන්නා ලදි.
එහිදී සිදු කරන ලද පරික්ෂා කිරීම් වලදී කොටි සංවිධානය විසින් බාවිතයට ගන්නා ලද ටී.56. පතුරම් 35,000ක් , අත් බෝම්බ 184ක්, ක්ලේමෝ බොම්බ 05ක් ,අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 04ක්, මිලිමීටර් 40 වර්ගයේ උණ්ඩ 34 ක්, ආර්.පී.ජී.උණ්ඩ 4 ක් ඇතුලු යුද උපකරණ තොගයක් හමු වී ඇත.
අදාල ආයුද තොගය ගොඩගන්නා විටත් දැඩි ලෙස අබලන් වී තිබූ අතර අධිකරණ නියෝගයකින් එම ආයුධ තොගය විනාශ කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
යුද සමයේදී කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය භූගත අවි බංකරයක් වශයෙන් මෙම ස්ථානය යොදාගන්නට ඇති වට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සැක පල කර සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
යහපාලන කාරයෝ එදා අායුද බංකර හදපු ත්රස්තවාදීන් අද නිදහස් කොරනවා ත්රස්තයන් විනාස කල හමුදා භටයින් cd;shka;r NGO ldrhska.fa බොරැ සංහංඳියාවක නාමයෙන් හිර ගෙට යවනවා.