කොටින්ගේ රත්තරන් සෙවූ 08ක් අත්අඩංගුවට.. ජර්මානු ස්කෑනරයකුත් අල්ලයි..
January 21, 2019 at 5:30 pm | lanka C news
මන්නාරම මඩු මාවිල්ලු රක්ෂිතයේ කොටි සංවිධානය විසින් වල දමන ලද රත්තරන් සෙවීම සඳහා පොළව හාරමින් සිටි පුද්ගලයින් 08 දෙනෙකු මඩු පරයානංකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මාවිල්ලු රක්ෂිතයේ නරිකලච්චන් වැව් තාවුල්ලෙදී අදාල සැකකරුවන් රත්තරන් සොයා වලක් හාරමින් සිට ඇති අතර ඒ බව පරයානංකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරීවරයාට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් සමීපයේ තිබී ජර්මනියේ නිශ්පාදිත ස්කෑනර් යන්ත්රයක් ඇතුලු උපකරණ කිහිපයක් හමු වී ඇති අතර එම ස්ඛෑනර් යන්ත්රය පොළව යට ඇති රත්තරන් සෙවීම සඳහාම නිශ්පාදිත එකක් වන අතර එහිදී පොළව යට අඩි 20 ක් දුරට ඇති රත්තරන් හා අඩි 200 ක් වපසරියක ඇති රත්තරන් පෙන්නුම් කරන ස්කෑනර් යන්ත්රයක් බවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර, කැකිරාව, මිහින්තලය,ඇඹිලිපිටිය,වවුනියාව හා මඩු ප්රදේශයන්හි පදිංචි කරුවන් වන අතර අවුරුදු 25ත් 68ත් අතර වයස් කාණ්ඩවලට අයත් බවට හඳුනාගෙන ඇති අතර සැකකරුවන් මඩු පොලීසිය වෙතට භාර දී ඇත .
– වන්නි රොමේෂ් මධුෂංඛ
තව ඉඩම් බලතල පොලිසිය ෆෙඩරල් දුන්නනම් කොහොම තියේද?
ඩම් බලතල, පොලිසිය ,ekiya thiyan dakune un karana kuppa weda danne nedda?
ඇයි ඕකට ඔච්චර අඬන්නෙ. මේ වලලපු රත්තරන් ඕනැ එකෙක් හොයා ගත්තාවෙ